' සුදු ඇත් පොව්වෙක් සුදු නෙළුම හොඬින්
ගෙන පැදකුණු නොකලත් සිරි යහනේ...
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳු...
මට රජ පැටියෙක්... '
වෙලාව හවස හතර හමාරට විතර ඇති.. හෙමින් හෙමින් මීදුම බාන්න පටන් අරන් තියෙන වැව දිහා බලාගෙන කීවෙනි පාරටද මන්දා මම ආයෙත් සුසුම් හෙලද්දි ඒ නිස්කලන්ක බව බිඳිමින් මගේ ෆෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා.. ඒ දිහාවත් නොබලපු මම නිසලව.. ගුප්තව.. තියෙන වැව දිහා බලන් මගේ ලේ කැටියාට කතා කරන්න ගත්තේ හිත අස්සේ තෙරපෙන දුක ඇස්වලින් වාන් දාන්න නොදී හිර කරගන්න ගමන්..
මාස හයක්.. එයා මං ලඟට ඇවිත් මේ ගත වෙන්නේ හය වෙනි මාසේ.. ඇදන් හිටපු දුහුල් ශර්ට් එක අස්සෙන් ඉදිරියට නෙරලා තියෙන කුස මං හිමීට අතගෑවේ මේ ලෝකේ මගේ කියන්න ඉතුරු වෙලා තියෙන එකම වස්තුව එයා විතරක්ම නිසා...
" අම්මගේ වස්තුව.. මගේ පුතාට ඇහෙනවාද මාව.. පරිස්සමින් ඉන්නවා නේද ඔයා.. අම්මා මඟ බලන් ඉන්නවා පුතේ.. මගේ රත්තරන් ඉක්මනටම අම්මා ගාවට එන්න ඕනි හොඳද.. ලොකු වෙලා අම්මාව බලා ගන්න ඉන්නේ මගේ පැටියා විතරනේ මට.. "
අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්නවත් බැරි කාලෙක අහම්බෙන් මගේ ලඟට ආපු මගේ වස්තුව.. මගේ පන දීලා හරි මේ පාර නම් මං උබව බලා ගන්නවා මගේ රත්තරනේ.. ඉතින් පුංචි ම දේකින්හරි අඩුපාඩුවක් උනොත් මේ අම්මට සමාවෙයන් පුතේ.. මොකද මගේ පුතාට හිතා ගන්නවත් බැරි තරමටම උබේ අම්මා අසරණයි..
ඉස්සර මං ආසම වැව වටකරගෙන ඉන්න පයිනස් ගස් අස්සෙන් ඉර බැහැගෙන යනවා බලන්න.. මුලු ඇඟම වෙලා ගෙන යන සීතල හුලඟින් දාහය නිවාගන්න.. හරි ලස්සනට පිපිලා තියෙන කැලෑමල් වලින් මල් කිනිත්තක් හදලා ඒ අත් අස්සේ හිර කරන්න.. ඉතින් ඒ හැමදේම කලින් වගේම තිබුනත්... උබයි මමයි විතරක් වෙනස් වෙලා.. මගේ හිනාවේ අයිතිකාරයා නැතුව.. මට දැනෙන්නෙම හිස් හැඟීමක්ම විතරයි..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!