chapter 22 ☠️
JANULYA'S POV :
" රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටුවල...
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත...
පිනි බිඳක් වෙලා තිබුනත් ඇති ආදර පවසට... "මං හිටියේ බාතෲම් එකේ දොරට පිට දීලා වාඩි වෙලා කාමරේ දිහා බලන ගමන්... අපි ඔක්කොම හිටියේ මන්ජිත අයියලෑ ගෙදර.. ගෙදර ආව ගමන් එයා කලේ අපේ නිවේන් එක්ක බාතෲම් එක අස්සර රින්ග ගත්තු එක...
හැමදාමත් වගේ එයා ඉස්සරහා අදත් මං වැරදිකාරයෙක් වෙලා.. අපේ පුතා ආයෙම ලැබුනු එකට කියාගන්න බැරි තරම් සතුටක් මගේ පපුව අස්සේ දෝරේ ගලමින් තිබුනත්.. ඒ දෙන්නවම මගේ පපුවට තුරුලු කරගන්න බැරුව මං අසරණ වෙලා උන්නා... මගේ සහකාරයා වගේම මගේම ලේ මාව ප්රතික්ෂේප කරනවා කියන්නේ මේ ජානුල්ය මොන තරම් නම් කාලකන්නියෙක්ද.. අවාසනාවන්තයෙක්ද..?
කඳුලු වාන් දාපු මගේ හදවත ඉඩෝරෙකට අහු වෙලා ගිහින්ද කොහෙද.. ඒකත් ඉරි තලලා හරියට වේලිලා ගිය මුඩු බිමක් වගේම... බාතෲම් එක ඇතුලෙන් මට ඇහෙනවා මගේ අභිගේ කටහඬ.. බඩකුත් උස්සගෙන එයා දරුවව නාවනවා..
නිවේන්.. මගේ පුංචි පුතා.. අප්පච්චිගේ වස්තුව... දැන් ටිකක් ලොකු වෙලා.. ලස්සනම ළමා කාලේ මගේ නිවේන්ගෙන් හොරකම් කරලා.. ඒ හා සමානව අපිව එයාට ආගන්තුකයෝ වෙලා.. අපේ පුතා පොඩ්ඩක් හරි ප්රතිචාරයක් පෙන්නන්නේ අභිට විතරමයි... එයා කතා කලත්.. ඒ කටින් පිට වුනේ ' අම්මා ' කියන වචනේ විතරක්ම වෙනකොට අප්පච්චි ලඟට ආවත් මගේ නිවේන් මාව ඈත් කලා.. මං විතරක් නෙමෙයි..හැමෝවම.. වෙන කවුරුවත් අඩුම තරමේ අභිට ලං වෙනවටවත් එයා කැමති උනේ නැහැ... ගෙවුනු පැය කීපයටම අපේ නිවේන් හිටියෙම එයාගේ අම්මගේ ඇඳුමේ එල්ලිලා...
අයියා කිව්වා හරි.. පුලුවන් ඉක්මනටම අපේ කොල්ලව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් යන්න වෙනවා.. මොකද පුංචිම වයසකදි මෙහෙම අත්දැකීමකට මූණ දෙන්න උනාම ළමයෙක් මානසිකව වැටෙනවා ගොඩ ගන්න බැරි තරමට.. එයා කතා නොකරන්නේ.. අභිට හැර කාටවත් ලඟට එන්න නොදෙන්නේ... ඒ නිසා වෙන්න ඇති..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!