** 006 **

409 88 12
                                    




වෙනදටත් වඩා ඉක්මනට කාලා,බීලා,චූ දාලා,හෝම්වර්ක් කරලා අපි දෙන්නා ඇඳට ආවේ එතෙක් මෙතෙක් අපි මූන දීපු අති විශාලම ප්‍රශ්නේ ගැන සාකච්ඡා කරන්න..



" ඉතින් ඉතින් දැන් කියපන්කෝ.. හැබැයි මං තෝ එක්ක තරහයි ගස් ගෙම්බෝ.. "



කතාවට ආරම්භයක් ගත්තේ මම.. ඇත්තටම මං තරහා වෙලා ඉන්නේ හුහ්..


" කෑ ගහන්නෙපා නරියෝ.. අම්මලට ඇහෙයි.. අනේ මන්දා ඉතින් ලව් එකක් නෙමේ බන් ඒක 👉👈 කියන්න තේරෙන්නෙ නෑනේ අභියෝහ්.. "


" එව්ව්ව් යකෝ එව්ව්ව්.. බලපන්කෝ උබේ මූනේ හැටි.. අනේ මේ බබා හුකුන් වෙන්නෙ නැතුව කියපන්කෝ සනික.. "


අශ්ගේ මූන දැක්කාම මගේ මූනත් එක්ක ඇද වෙලා ගියා.. අරූ ඉස්සරහා මුගේ පිරිමිකම දියවෙලා යයි වgay.. සාධාරණයි හැබැයි මාත් දැන් පොර ටෝක්ස් දුන්නට දුවන්නනේ හැදුවේ..


" අහපන්කෝ ඉතින්.. "


" අහන්න තෝ කියපන්කෝ ඉතින්.. සීනිබෝලේ වගේ ඇඹරි ඇඹරි ඉන්නෙ නැතුව.. "


" මෙහෙමයි ඉතින් එදා පලවෙනි පාරට එයාව දැක්කාම මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.. ලබ් ඩබ්... ලබ් ඩබ්.. උඹ මොකද ඔය පපුවට අත තියන් ඉන්නේ මගේ පපුවනේ ගැහුනේ... "



අප්පටසිරි... අද ඉඳන් මං ආදරේ වම් අතට විතරයි... දකුණු අත.. තෝ ඕන්නෑ මට.. පාවා දුන්නා මාව..



" එහෙම තමා බ්‍රෝ උඹේ කතාව තාත්විකව රඟ දක්වන්නෝනි අපි.. කෝ කියපන් ඉතින්.. "



ආයෙම අපි දෙන්නම ෆුල් සීරියස් මූඩ් එකකට එන්ටර් උනා..



" එයාගේ ඇස් දිහා මට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ බන්.. නිකම් මං ඒ ඇස් ඇතුලට ඇදිලා යනවා වගේ.. ඒ අහංකාර,නපුරු පාට මූනට මං මාරම ආසයි.. දැක්ක පලවෙනි මොහොතේ ඉඳන්ම.. අද උනත් මං බලා හිටියේ කොහෙන් හරි එයාගේ චායාවක්වත් මතු වෙයි කියලා.. ඒත් පේන්නවත් හිටියේ නෑනේ එයා.. උබට කියන්න ඉස්කෝලේ ඉවර වෙලා ගේට් එක ලඟදි අහම්බෙන් එයාව දකිද්දි මගේ හදවත පිස්සු නටන්න ගත්තා.. අභි.. තෝ අහගෙනද ඉන්නේ බල්ලෝ.. "



GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️Where stories live. Discover now