Chapter 24 ☠️
JANULYA'S POV :
වචනයක්වත් කතා නොකරම කැෆේ එකෙන් එළියට ආපු මම නැවතුනේ අයියගේ කා' එකේ පැසෙන්ජර් සීට් එකේ... ඒ එක්කම වගේ මගේ පිටිපස්සෙන් ආව අයියත් මුකුත්ම නොකියා කා' එක ස්ටාර්ට් කලේ තව ඉන්න ඉන්න වෙන්නේ මගේ කේන්තිය වැඩි වෙන එක බව අත්දැකීමෙන්ම දන්න නිසා වෙන්නැති... විනාඩි පහක් විතරම අපි දෙන්නගෙන් කවුරුත්ම කතා නොකරපු තැන තිබුනු නිහඬතාවය බිඳින්න හිතාගෙන ද කොහෙද අයියා සින්දුවක් දැම්මා... එකම අම්මාගේ නොවුනට මගේම කියලා සහෝදරයෙක් නැති මං ගොඩක්ම සමීප උනේ මන්ජිත අයියට.. ඒ නිසාමද කොහෙද වචනයක්වත් නොකියා උනත් ඌට මාව කියවන්න පුලුවන්... මගේ අභී තරමටම...
" යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න...
දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න... "හිතාගන්න බෑ... සමහර පදමාලා... සමහර තනු... හරියටම ඇබ්බැහි වෙන සුලු අධිමාත්ර මත් පෙත්තක් වගේ... රේඩියෝ එක අස්සෙන් එළියට ආපු කසුන් කල්හාරගේ ළයාන්විත හඬ මගේ පපුවේ සියුම් ම තැනක් හරි හිමීට පිරිමදින්න ගත්තා... ඇස් පියාගෙනම සීට් එකට ඔලුව ගහගත්තු මම නිමක් නැතුව මගේම හිත අස්සේ අතරමං වෙලා යන්න මහලොකු වෙලාවක් ගත නොවෙන්න ඇති...
" ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න...
හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න... "
කල්හාර ඇවිත් වේදනාවෙන් මිරිකිලා තිබුනු මගේ හදවතට පැලැස්තර ඇලෙව්වද... එහෙමත් නැත්තම් යාර ගානක් දිග විස කටු පපු කුහර අස්සෙන් කෙලින්ම හදවත පසාරු කරගෙන යන්නම බැස්සුවද කියලා හිතාගන්න බැරි තරමටම හැඟීම් අස්සේ මං අතරමං වෙලා අසරණ වෙලා උන්නා....
ඇත්තටම ඉසුරු කිව්ව ඒවා ඇත්තද..!! මං කිසි වගකීමක් නැති මිනිහෙක්ද... අවුරුදු තුනක් වුනු මගේම ළමයව පරිස්සම් කරගන්න බැරි තරම් මං දුර්වල අප්පච්චි කෙනෙක්ද... ඉස්කෝලේ කාලේ ඉඳන්ම ආදරේ කරලා.. සැප දුක එකට බෙදා ගත්තු එකාව ඈත් කරලා දාලා... තනියම ප්රශ්නවලට උත්තර හොයන්න තරම්... මගේ උද්දච්ඡකම වැඩි උනාද... එහෙමත් නැත්තම් ඇත්තටම උනේ... ප්රශ්නවලට උත්තර හොයපු එක වෙනුවට.... මං ප්රශ්නවලින් පැනලා ගිය එකද....
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!