Chapter 25 ☠️
JANULYA'S POV :
මං හිටියේ ඔෆිස් එකේ මගේ කැබින් එකට වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන.. වැඩ ගොඩ ගැහිලා... ඒ කොහොම උනත් අභිවවත් අපේ නිවේන්වවත් තනියම ගෙදර දාලා එන්න බැරි නිසාමයි එයාලව මාත් එක්ක එක්කන් ආවේ... ටේබල් එක උඩ තියලා තිබුනු ෆොටෝ එක දිහා ටිකක් වෙලා බලා හිටපු මම එහෙම්මම බැලුවේ සෝෆාවට වෙලා හෙයාස්ටයිල් දාන අම්මයි පුතයි දිහා... අභිගේ බෙල්ලෙන් පහළට වැවිලා තිබුනු කොන්ඩේ පුරාම පුංචි පුංචි පොල් ගස් හිටෝලා.. තාමත් හරියට කතා නොකලත්... අභීට තරම් මට සමීප නොවුනත්... අපේ පුතා ඉන්නේ සතුටින් කියලා එයාගේ දිලිසෙන ඇස් දැක්කාම ඕනි කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්... වෙනසක් නෑ.. මගේ අභිගේ මූණත් කාලෙකට පස්සේ ආයෙම සතුටින්.. සැනසීමෙන් පිරිලා ගිහින්...
ඒත් මම.... යම්තාක් දුරකට හිත නිමිලා තිබුනත්... මේ ප්රශ්නේ ඉවරෙටම ඉවර වෙනකම්... කොහොමද මුකුත් නොවුනු ගානට ඉන්නේ... හුම්ම්... අපි බලමුකෝ..
වැඩ දාහක් අස්සෙත් ඒ දෙන්නා දිහා බලන් හිනා වෙවී හිටපු මම ගැන එයාලට ගානක්වත් නෑ... ඒ දෙන්නා එයාලගෙම ලෝකෙක.. හිනා වෙනවයි.. විරිත්තගන්නවයි.. ඉවරයක් නෑ.. අනේ මන්දා... පෝඩ්ඩක් විතර.. ඒ කියන්නේ 🤏 මෙන්න මෙච්චරක් විතර.. මට ඉරිසියා හිතිලද කොහෙදෝ...
📩
**** hospital.. ICU... come now...!!ඔලුව උඩටම හෙනයක් පාත් උනා වගේ දැනෙද්දි.. මගේ මූණේ තිබුනු හිනාව වාෂ්ප වෙලා යන්න තත්පර අරික්කාලක්වත් ගත නොවෙන්න ඇති... මැසේජ් එක එවලා තිබුනු නම්බර් එක දැක්කාම ඔක්කොටොම වඩා මගේ හිත කලබල උනා... හොස්පිට්ල් එකට ඇයි... ඒකත් icu එකට... අගක් මුලක් හිතා ගන්න බැරුව හරියටම පැටලුනු නූල් බෝලයක් වගේ හැමදේම වෙද්දි... කරන්න තිබුනු රාජකාරි සේරම පැත්තකට දාලා මං පුටුවෙන් නැකිට්ටා...
පුතාත් එක්ක තරගෙට වගේ කඩදාසි මල් හදන ගමන් හිටිය අභි එයාලගේ පැත්තට එන මං දිහා බලන් හිටියේ ලස්සන හිනාවකින් මුව සරසගෙන...
" අභි.. මං ඉක්මනට මේ ලඟට ගිහින් එන්නම්.. කොහේවත්ම යන්න එපා හරිද.. මං ඉක්මනට ම එනවා... "
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!