Chapter 23 ☠️
JANULYA'S POV :
" දරුවා ශොක් වෙලා ඉන්නේ.. ඒ නිසාමයි එයා හරියට කතා කරන්නේ නැත්තේ.. එහෙම උනත් එයාට අම්මව දැනෙනවා.. එයාට ආරක්ෂාවක් දැනෙන්නේ ඔයා ගාවදි විතරක් වෙන්නැති මිස්ටර් අභිරූ.. ඒකයි එයා පොඩ්ඩක් හරි ඔයාට රියැක්ට් කරන්නේ.. අම්මයි තාත්තයි වශයෙන් ඔය දෙන්නගෙම ආදරේ දරුවට දැනෙන්න දෙන්න.. එතකොට එයා ටික ටික යථා තත්ත්වයට පත් වෙයි... "
උදේම අපි හතර දෙනාම ආවේ අයියා කියපු ළමා මනෝරෝග විශේෂඥ ඩොක්ටර් සිහින ගාවට... අපිව හොස්පිට්ල් එක ගාවින් දාලා අයියා ආයෙම මොන මඟුලෙද මන්දා ගියේ ඒ යකාට අද රෑ ඩියුටි කියලා.. කොහොම උනත් අපිව පික් කරන්න ආයෙම එයි මොන ලෝකේ හිටියත්.. මොකෙක් හරි පටලවගෙනද දන්නේ නෑ ඒකාත්.. නැත්තම් ඔය තකහනියේ කොහෙද දිව්වේ..
ඩොක්ටර්ව මීට් වෙලා අපි එළියට ආවේ වෙනදා වගේම ආගන්තුකයෝ විදියට.. තවමත් හැම ප්රශ්නයක්ම ඉවර වෙලා නැති නිසා කාමරේ ඇතුළෙදි විතරක් වෙනදා වගේම ආදරෙන් ජීවත් වෙන්න මාත් අභිත් තීරණය කරලයි තිබුනේ.. ඇත්තටම ඒක හොඳ තීරනයක් කියලා මට තේරුණේ අපේ ඇස් වහලා ඒ වෙනකොටත් හොස්පිට්ල් එක අස්සෙත් නපුරු ඇස් දෙකක් අපේ පැත්තට යොමු වෙලා තිබුනු බව නොදැනමයි...
ගෙවල් ලඟටම ආවත් පිස්සු මන්ජිතයා ආයෙමත් මාවත් දාගෙන කොහෙද ආවේ මගේ හිතේ නොරිස්සුමක් ඇති වෙද්දි..
" ගේ ඇතුලෙන් ලොක් කරගෙන ඉන්න අභි.. කවුරු ඇවිත් කතා කලත් දොර අරින්න එපා අපි එනකම් හොඳද... පරිස්සමින් දෙන්නම.. අපි ඉක්මනටම එනවා.."
මං හෝතඹුවා වගේ මගේ අභිගේ ඔලුවත් අතගාලා උපදෙස් දෙන අයියා දිහා බලා හිටියා.. හැටි විතරක්.. ගොම් බෙට්ටක් වගේ..මූණේ කැත..
මට කේන්තියි.. බයයි.. දුකයි.. මේ ඔක්කොම එකට... ඊයේ රෑත් හරි හමන් නින්දක් නෑ... ලාවට නින්ද යාගෙන ආවත් හිතෙන්නෙම මොකෙක් හරි ඇවිත් ආයෙම ඒ දෙන්නව මගෙන් උදුරන් යයි කියලා.. එහෙම එකේ මගේ අභිවයි නිවේන්වයි ගෙදර තනියම දාලා යන එක ගැන පොඩිවත් හොඳක් මට දැනුනේ නෑ වගේම හැම දේකදිම මාව අතාරින්නැතුව ලඟින් හිටපු අයියා ගැනත් මට නොරිස්සුමක් ඇති උනා...
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!