එච්චරයි.... එච්චරම තමා....
කාර් එකක්.. ඔව් ඒ ආවේ කාර් එකක්.. තව ටිකක් එහෙ මෙහෙ උනා නම් වෙන්න තිබ්බ දේ හිතන්නවත් ඕනිකමක් නැති වෙනකොට කාර් එකේ උන්නේ මොකාද කියලවත් බලාගන්න සිහියක් තිබුනේ නැති මට මගේමුලු ඇඟම දාඩියෙන් තෙත් වෙලා යනවා දැනුනා...
ඊලඟ තත්පරේම ඇඟට දැනුනු ක්ලාන්ත ගතියත් එක්ක කඩා වැටෙන්න ගිය මම ශක්තිමත් අත් දෙකක හිර වෙනවා සිහියත් අසිහියත් අතර හිටිය මට හොඳටම දැනුනා..
විනාඩි දහයක්.. පහලවක්.. නැත්තම් පැය භාගයක්.. එහෙමත් නැත්තම් විනාඩි පහක්ද කියන්න හරිහැටි නොදැනුනත් මෙච්චර වෙලාම පියවෙලා තිබුනු ඇස් ලාවට විවර උනේ මූනට දැනුනු සීතලත් එක්ක... කවුරුහරි මගේ මූනට වතුර ඉහිනවා..
තාමත් බොඳ වෙලා පෙනෙන රූප අස්සෙන් මං ලඟ ඉන්න කෙනා පැහැදිලිව නොපෙනුනත්.. ඒ කවුද කියලා අඳුරගන්න මට අපහසු උනේ නෑ.. ඉතින් මේ සුවඳ තරම් හුරුපුරුදු සුවඳක් මට තවත් තියෙන්න පුලුවන්ද..
ජානු.. ඒ හිටියේ මගේ ජානු.. දැන් හරියාකාරව අයිතියක් කියන්න බැරි උනත්.. ඒ හිටියේ මගේම ජානු..
" ඔයාට දැන් කොහොමද.. තාමත් කැරකිල්ල වගේද.. "
ඒ කටහඬ බොහොම සන්සුන්... ඒ උනාට එයා ඉන්නේ තනිකරම කේන්තිය යටපත් කරගෙන.. තාමත්.. අදටත්... මේ මොහොතෙදිත්.. උබේ හුස්මක වෙනස උනත් මට අඳුරගන්න පුලුවන් බන්..
" දැන් එහෙම අවුලක් නෑ... "
" පිස්සෙක් වගේ පාරට පැන්නේ ඇයි එහෙනම්.. ආ.. තමුන් ගැන නැතත් තමුන්ගේ බඩේ ඉන්න ලමයා ගැන හරි හිතනවා.. පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම්.. ශික්.. නැත්තම් ආයෙමත් තමුන්ගේ නොසැලකිල්ල නිසා මගේ ලේ හෙල්ලිලා තිබුනොත් මම උබව ලේසියෙන් අතාරින්නෑ.. ඒකත් ඔලුවේ තියාගනින්... "
එහෙම කියපු එයා කාර් එකෙන් බැහැලා ටයර් එකට වේගෙන් පයින් ගැහුවේ මට ගහන්න බැරිකමට වගේ..
කොච්චර අඩන්නේ නැහැ කියලා හිතන් හිටියත්.. දවසින් දවසම වෙන්නේ මගේ හිතේ තුවාල තව තවත් පෑරෙන එක විතරක්ම නිසා කම්මුල් තෙමාගෙන උනුම උනු කඳුලු බින්දු වැල නොකැඩි පල්ලන් බහින ගමන් තිබුනා...
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!