" අර මොකද කොල්ලෝ කවදාවත් නැතුව ලොකූ උදේම නාලා අද "
" අනේ කවුද අම්මා දන්නේ.. උගේ ගඳ ඌටම ඇවිල්ලද කොහෙද. "
අශ්ගේ අම්මටයි අප්පච්චිටයි මං කතා කලෙත් අම්මයි අප්ප්ච්චියි කියලා... ඇත්තටම දාහකින් හොයාගන්න බැරි තරම් ගුණයහපත් මිනිස්සු එයාලා.. නැත්තම් කාගේ කවුද කියලවත් නොදන්න මට එයාලගේ ළමෙක්ට වගේ සලකයිද..?
අම්මගේ බෝල කම්මුලක් සිපගෙන මං කිව්වේ එයා අපි දෙන්නට කිරි හදන්න පටන් ගනිද්දි...
ඕක බිව්වේ නැත්තම් දවසම කිසි පනක් නෑ මගේ ඇඟට.. දැන් කිරි එකට හුරු වෙලාම ඒක නැතුව බෑ අප්පා මේ ළමයට..
උදේ පාන්දරම නාලා සුවඳ මල් දෙකක් වගේ ලස්සනට අශුයි මායි ඉස්කෝලේ ආවේ කුකුළත් අතේ අරගෙන..
බෑග් දෙකම පන්තියෙන් තියලා අපි ආවේ එළියට.. තාම ක්ලාස් එකේ එකෙක්වත් ඇවිත් නෑ... ක්ලාස් එකේ උන් තියා මුලු ඉස්කෝලෙට ම හිටියේ ලමයි විස්සක් විසි පහක් වගේ..
" කොහෙද බල්ලෝ ඇදන් යන්නේ.. පොඩ්ඩක් හිමීට යමන්කෝ.. උදේ පාන්දර දාඩිය දාගන්න බෑ මට.. "
අශ් එකපාරටම මගේ අතින් ඇදන් වේගයෙන් යන්න ගද්දි මං කෑ ගැහුවේ උගේ අතත් ගසා දාලා...
" වරෙන්කෝ යන්න ඔෆිස් එකට ගිහින් එන්න.. "
ඈ.. ඒ මොන කුරුම්බැට්ටියකටද ඔෆිස් එකට යන්නේ..
අනික උදේම පිනාගේ කොරොස් මූන දකින්න සෙට් උනාම.. ඒකත් කමක් නෑ කියමුකෝ..
ඔක්කොටොම හපන් අර සිරිපාලයගේ ගෝත මූන දැක්කාම ඇති දවසම මස්තබාල්දු වෙලා යන්න..
අම්මෝ අම්මෝ කාර්යාල කාර්යය සහයක.. ඒකා හිතන් ඉන්නේ මුලු ඉස්කෝලෙම ලොක්කා ඒ මනුස්සයා කියලා.. පුදුම ලොකු ලයින් දෙන්නේ.. මට නම් පේන්නම බෑ ඕකාව..
මට තාමත් මතකයි ගිය අවුරුද්දේද කොහෙද ඕකා නිසා අපි කාපු කෑම..
" පරිසීලෝ දිට්ටි බයන්.. "
කියලා අපේ උන් කෑගහලා නිකම් නෙමේ තිරුවානා ගල් පිරුනු බිම ගිනි ගහන අව්වේ දන ගහන් පිට හරහට වේවැල් පාර හම්බුනේ..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!