** 015 **

389 78 15
                                    

CHAPTER 15 ☠️















Janulya's POV :






තනි සුදු පාට බිත්තියේ තැන් තැන්වල ලස්සනට හිනා වෙලා ඉඳපු හිම කැට වගේ පුංචි පැටවුන්ගේ ෆොටෝ දිහා බලාගෙන එයා හරි ආදරෙන් ඉස්සරහට නෙරලා තියෙන බෝල කුස පිරිමදිනවා... මගේ අභි.. මේ ලෝකේ මට ලැබුනු වටිනම තෑග්ග...




එන්න එන්නම මෝරන කුස එක්ක එයාට තිබුනේ පුදුම පින් පාටක්.. මහත් වෙලා සුදු වෙලා ලස්සන වෙලා මගේ මැණික... තව ටික දවසකින්ම අපේ පැටියා එයාගේ අම්මියි අප්පච්චියි ළඟට ඒවි..



බෝල කුස පිරිමදින ගමන් එයා අපේ චූටි පැටියත් එක්ක වෙනමම ලෝකෙක තනි වෙලා.. සද්දයක් ඇහෙන්නේ නැති වෙන්නම හිමීට අඩි තියලා ඒ පිරිපුන් ශරීරය පිටිපස්සෙන් මං තුරුල් කරගත්තේ හිතේ කැකෑරෙන අසීමිත ආදරෙත් එක්ක..




වෙනදට ඒ ඉන වටේ පැටලෙන මගේ අත් කෙලින්ම නතර උනේ ඒ බෝල කුස උඩ.. මගේ අත් මතින් එයාගේ අතුත් නවතිද්දි... ඒ ගෙල පාමුලින් උණුසුම් හාදුවක් තියපු මම එයා එක්කම හිමීට පැද්දෙන්න පටන් ගත්තා.. කම්මුල් පිරිලා.. ඇස් නොපෙනී යන්නම එයා හිනා වෙනවා.. වෙනදටත් වඩා එයා සිනිඳුයි දැන්.. ඇස් පියාගෙනම මගේ අභි මගේ පපුවට ඔලුව හේත්තු කරගද්දි.. මගේ මුලු ලෝකෙම දරාගෙන ඉන්න මගේ වස්තුවව හැමෝගෙන්ම හංගලා මගේ පපුව අස්සෙම හංගගන්න හිතුනු වාර ගාන නම් අනන්තයි...






" තාමත් කොන්ද රිදෙනවද මැණික.. "





එයාව තුරුල් කරගෙනම මං ඇහුවේ පිට දිගේ හිමීට ඉහළට පහළට මගේ අතක් යවන ගමන්..





" නෑ අයියේ... අහන්නකෝ මහත්තයා ඔයා ආස දුවෙකුටද පුතෙකුටද.. "





කී වෙනි පාරටද මන්දා එයා අදත් එකම ප්‍රශ්නේ ඇහුවා.. මගේ පිස්සු කෝච්චිය..





" දුවෙක් උනත් පුතෙක් උනත් මොකෝ ඉතින් අපේනේ.. ඒත් මට නම් හිතෙන්නේ පුතෙක් කියලා.. අම්මි ලස්සන වෙන්නේ පුතෙක් ලැබෙන්න ඉද්දිලුනේ... "





එයා හිනා වෙවීම මගේ පැත්ත හැරුනත් වෙනදා වගේ අපිට තුරුල් වෙන්න බෑ දැන්.. දැනටමත් අපේ පැටියා එයාගේ ඉඩ වෙන් කරගෙන ඉවරයි අපි දෙන්නා මැදින්..




GAME OF THE DEATH ☠️  || [Zhanyi] ✔️✔️Where stories live. Discover now