Chapter 19 ☠️
ගෑනු හයියයි.. ඔව් ඒක ඇත්ත.. අවිවාදයකින්ම මං ඒක පිළිගන්නවා.. දරාගෙන දරාගෙන තව දුරටත් දරාගන්න බැරිම තැන්වලත් උන් දරාගෙන උන්නා.. හරියට මහ පොළොව වගේම.. සමහරවිට ඒ උන් උපතින්ම හැඩ ගැහිලා ඉන්න විදිය වෙන්නැති.. දරාගන්න.. කඳුලු අතරින් හිනා වෙන්න.. කඳුලු හංගන් මං හරි සතුටින් කියලා පෙන්නන්න.. උන්ට තියෙන්නේ පුදුම හැකියාවක්..
ඒත් මං..පිරිමි ඇඟක්.. හයිය හිතක්.. මට තියෙන්නේ හයිය හිතක් කියලා විශ්වාස කරන්න අමාරුයිද..? සාධාරණයි ඒත්.. හයිය හිතක් නොතිබුනා නම් මං මැරෙන්නම මගේ දරුවා මට නැති උනු වෙලාවේ.. එහෙමත් නැත්තම් පණ වගේ ආදරේ කරපු එකා මාව පිස්සෙක් ගානට දාලා ගෙදරින් ඇදලා දැම්ම වෙලේ... ඒත්... එහෙම වෙලත් තාමත් මං ජීවත් වෙනවා... තාමත් මගේ හුස්ම වැටෙනවා.. වැටෙන්න පුලුවන් පහළම ආගාධයකට වැටිලා හිටියත් මේ ඇඟ ඇතුළේ තව එකෙක් පණ ගහනවා.. තව පැටියෙක් මං දරාගෙන ඉන්නවා.. ඉතින් ඔයාම කියන්නකෝ.. මට තියෙන්නේ හයිය හිතක් නෙමේද..?
සමහරවිට මාව මවද්දි දෙවියන්ට අමතක වෙන්නැති පුංචි ම හරි සතුටක් මට ලබලා දෙන්න... එක්කෝ හිතලම අමතක කරලා දාලා.. එහෙමයි කියලා හිත සනසා ගන්නත් මට පුලුවන්කමක් නෑ කොහෙත්ම...
කඳුලුවල ලුණු රස විතරක්ම අඳුරන මගේ කොට්ටෙත් දැන් හෙම්බත් වෙලාද මන්දා.. එන්න එන්නම මං දුර්වල වෙනවා එහෙන්.. ඉදිරියට නෙරන කුසත් එක්ක දැන් දැන් කකුල් දෙකත් වංගෙඩි වගේ ඉදිමීගෙන එද්දි සමහරවෙලාවට කොන්දෙන් දැනෙන වේදනාව කුලුගෙඩියකින් ගහලා කොඳුඇට කුඩු පට්ටම් කරන තරම් උනා..
මේ වෙනකොට අනන්ත වාරයක් මට හිතිලා ඇති මගේ අයියත් මං ලඟ හිටියා නම් කියලා.. මාසෙකට සැරයක් ක්ලිනික් යනකොට අනිත් හැම අම්මා කෙනෙක්ම හස්බන්ඩ්ගේ අතේ එල්ලිලා ඉන්නවා දකිද්දි මගේ පපුවත් ඇදුම් කෑවා.. හුස්ම හිර වෙන්න ආවා... ඉස්සර මාත් එයාගෙ අතේ එල්ලිලා මේ විදියට ආවා නේද කියලා මතක් වෙද්දි මට මං ගැනම ඉරිසියා හිතුනා සමහර වෙලාවට...
' අප්පච්චිට වෛර කරන්න එපා පුතේ ' ' අප්පච්චි ඔයාට ආදරෙයි ' කියලා මගේ කටින්ම තට්ටු හතක් යටින් ඉන්න අපේ පැටියට කොච්චරවත් කිව්වට... අනේ ඒ හැම වෙලාවකම උඹ මගේ ලඟ හිටියා නම් කියලා නොහිතුනු වාරයක් නැති තරම්...
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!