Chapter 27 ☠️
ABHIRUU'S POV :
" ඔව් මං තමයි... "
" අශ්... අශ්.. උඹ ඇයි.. උඹ.. උඹ... "
මගේ ඔලුව උඩටම හෙන පිට හෙන දාහක් වැදුනා වගේ... අපි ඈත් උනත්.. කලින් වගේ විශ්වාස කරන්න බැරි තරමටම ඈත් වෙලා උන්නත්... ජීවිතේට මං මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ... මේ හැම දෙයක්ම.. හරියට නිකම් ඇස් පියාගන්න පවා බය හිතවන නපුරුම නපුරු හීනයක් වගේ... තාමත් මම හිටියේ බිම වාඩි වෙලා මගේ නිවේන්ව තුරුල් කර ගත්තු ගමන්මයි... මං හිතන්නේ... මගේ සර්වාංගෙම පන නැතුව ගියාද කොහෙද...
සිතුවිලි දාහක් හිත ඇතුලේ කැකෑරෙන ගමන්.. මට මාවම අමතක කරලා දාද්දි... කිසි කහටක් නැතුවම ගෙවුනු අපේ ළමා කාලේ මතක් වෙලා මගේ ඇස් තෙත් උනා.. පපුවට බරයි... කළුගලක් පපුව මැද්දෑවෙන්ම තියලා වගේ... තවත් වෙලාවකට දැනෙන්නේ.... දෙපැත්තම මුවහත් පිහියකින් අඟලක් පාසාම ඇඟ ඇතුලට කිඳා බහිනවා වගේ...
මේ හැමදේම මැද්දේ.. මගේ හිතට ආවේ එකම එක ප්රශ්නයයි... ඇයි... මෙහෙම දෙයක් කලේ ඇයි...
" උඹ ඇයි යකෝ මෙහෙම දෙයක් කලේ... මොකටද... මං මොනා කලාටද උඹට... "
" හහ් හහ් හා... මොනා කලාටද... මොනා නොකලද අහපන්... උඹ මොනාද මට නොකලේ.. මාව පිස්සෙක් කලේ වෙන මොකෙක් වත් නෙමෙයි... උඹයි අභී.. මේ හැමදේටම වග කියන්න ඕනි උඹ... "
මොනාද මූ මේ කියවන්නේ... කවදාවත් නැතුව මට බයක් දැනුනා... මහා හයියෙන් හිනා වෙවී තමන්ගෙම කොන්ඩේ ගැලවිලා යන තරම් වේගයෙන් අදින ගමන් එහා මෙහා යන අශ් දකිද්දි... මට බය හිතුනා... මගේ උණුහුමට ගුලි වෙලා උන්නු මගේ නිවේනුත් අපේ සද්දෙට ඇහැරෙද්දි... පිස්සෙක් වගේ හැසිරෙන අශ් දිහා මං බලා හිටියේ.. මෙතනින් පැනලා යන එක හිතන්නවත් බැරි දෙයක් නිසාමයි... ඒත්.... ඒත් මට පුලුවන් කාලය අරන් දෙන්න... මගේ ජානු එයි... එයා අනිවාරෙන්ම එයි... එයා එනකම්.. මං මගේ නිවේන්ව පරිස්සම් කරගන්න ඕනි... ඒකට කරන්න පුලුවන් එකම දේ... මේ පිස්සව කතාවට අල්ලගන්න එක විතරමයි...
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!