Chapter 20 ☠️
( bonus )" න්.. නි.. නිවේන්... මගේ පුතේ... "
දෙයියනේ.. මේක හීනයක්ද... මගේ දරුවා.. මගේ නිවේන්..
දූවිලි, මඩ වැදිලා වැදිලා දුර්වණ වෙලා තිබුනු ඒ පුංචි මූණම මං පිස්සුවෙන් වගේ සිප ගත්තා... දැන් නම් මැරිලා ගියත් කමක් නෑ කියලා හිතෙන තරමටම මගේ හිත පිරිලා ගියා.. සතුටකින්... ආයෙමත් මගේ කඳුලු නාලිකා අලුත් උනා.. හැබැයි මේ තරම් කල් දුකට වේදනාවට වැටුනු කඳුලු කාලෙකට පස්සේ අද සතුටට වැටෙන්න ගත්තා...
නිරුවත් වෙලා තිබුනු ඒ පිට පුරාවටම තුවාල කැළල්.. අලුත් ඒවා.. බාගෙට වේලෙමින් තියෙන ඒවා... මගේ පැටියා කොහොමද දෙයියනේ මේ වගේ තැනක ජීවත් උනේ.. කවුද එයාට මෙහෙම කලේ.. ඒ මොකා උනත් මං ලේසියකට ඌව අතාරින්නේ නම් නෑ..
කලබලෙන්ම මගේ පැටව් දෙන්නා එක්කම මං කාර් එකට නැග්ගා... මං කිව්වා මගේ දරුවා ඉන්නවා කියලා.. ඒත් කවුරුවත් මාව විශ්වාස කලාද... නෑ...හැම එකාම කිව්වේ මට පිස්සු කියලා.. පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් එකෙක්වත් මාව ගනන් ගත්තේ නෑ... ඒත්..අද.. අද ඒක ඇත්ත වෙලා.. මගේ දරුවෝ දෙන්නම මං ගාව...ලෝකෙම මගේ අත් උඩ තියෙනවා වගෙයි මට දැනෙන්නේ.. ඒ හැඟීමෙන් මගේ මුලු හිතම පිරිලා ගිහින්..
අම්මා උනු මට නොදැනී තියේවිද මගේ ළමයි ගැන... පෙකනි වැලෙන් කපලා වෙන්කළත්... මාස නමයක්ම මගෙම කොටසක් වෙලා ඉඳලා... තවත් අවුරුදු ගානක් ලේ කිරි කරලා පොවලා හදපු දරුවෙක්ව අම්මෙකුට නොදැනී තියේවිද...
සයිඩ් කන්නාඩියෙන් අර විරූපී මූණ ආයෙමත් පේනවත් එක්කම මං පුලුවන් තරම් වේගෙන් කාර් එක ඉස්සරහට අරන් ගියා... ඌ දුවගෙන පස්සෙන්ම එනවා.. ඒ ඇස් කේන්තියෙන් රතු වෙලා...
අනේ අම්මට සමාවෙන්න රත්තරනේ.. මේ හැම දෙයක්ම මං නිසයි... මගේ කාලකන්නිකම නිසයි... වදාපු දරුවව පරිස්සම් කර ගන්න බැරි උනු මම කුසේ ඉන්න එකාටත් දෙන්නේ දුකක්ම විතරයි.. පයිනස් මුල් උඩින්.. ගල් උඩින් ටයර් එක යන වාරයක් පාසාම මං තිස් තුන් කෝටියක් වෙච්ච දෙවි දේවතාවුන්ව ඇදහුවා.. අවුරුදු එක හමාරකට පස්සේ මගේ ලඟට ආයෙම ආපු දරුවා වගේම.. තාම මේ ලෝකේ දැකලවත් නැති මගේ කිරි කැටියව ආරක්ෂා කරන්න කියලා..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!