CHAPTER 11 ☠️
කිසි දෙයක් හිතාගන්න බෑ මට.. අගක් මුලක් හිතාගන්න බැරි පඹ ගාලක පැටලිලා වගෙයි මට දැනෙන්නේ.. කාලය හරහා එක පාරක් මට යන්න පුලුවන් උනා නම්.. වැඩක් නෑ.. දෛවය ආයෙමත් අවස්ථාවක් මට ලබා දෙයි කියලා මං හීනෙකින්වත් හිතන්නෙ නෑ..
එතනින් පස්සේ අපි දෙන්නා අතර වචන හුවමාරුවක් තියා එයාගෙන් මටවත් මගෙන් එයාටවත් බැල්මක් ලැබුනේ නෑ.. ඒත් මං හිටියෙම කල්පනා ලෝකෙක අතරමං වෙලා.. මේ වෙන දේවල් මට ගලපගන්න බෑ තාමත්.. කොතනින් පටන් අරන් කොහොම ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි නූල් බෝලයක් වෙලා ඉවරයි මගේ මුලු ජීවිතේම.. වෙලාවකට මට හිතෙන්නෙම මටත් නොදැනී මං කාගේ හරි රූකඩයක් වෙලා කියලා..
කොච්චර කල්පනාවක මං හිටියද කියනවා නම් ගෙදර ලඟට ඇවිල්ලා ටික වෙලාවක් යනකනුත් මං හරි සිහියට ආවේ නැහැ.. මන්ජිත ඇවිත් ගේට් එක අරිද්දි තමා මං දැක්කේ ගෙදරටම ඇවිත් කියලා.. මගේ එහා පැත්තේ වාඩි වෙලා හිටපු ජානුල්ය දිහා එකපාරක්වත් මං බැලුවේ නෑ.. මගේ හිතේ තරහවක් නෑ එයා ගැන.. ඒත් මට හිතාගන්න බෑ.. අඩුම තරමේ පැහැදිලි හේතුවක්වත් නැතුවයි එයා මගෙන් ඩිවෝස් එක ඉල්ලුවෙත්..
මං කෙලින්ම නැවතුනේ මගේ කාමරේ.. හරි මහන්සියි මට.. ඔක්කොටොම වඩා නිදිමතයි.. කාලෙකින් මේ නිදිමතක් දැනුනේ.. ඒත් කොහොමද සැනසීමෙන් ඇස් පියා ගන්නේ.. මට දැනෙන්නෙම ඇස් දාහක් මං දිහා බලන් ඉන්නවා වගේ.. මගේ දරුවා මගෙන් උදුර ගන්න හදනවා වගේ.. ටිකකින්ම අයියාගේ කාර් එක යන සද්දෙත් එක්ක ඩොක්ටර් මන්ජිත මගේ කාමරේ දොරට තට්ටු කරනවා ඇහුනා..
" අභි.. මං ඇතුළට එන්නද..? "
" එන්න.. "
මං වාඩි වෙලා හිටියේ ඇඳ උඩ.. එයා ඇවිත් මගේ ඉස්සරහින් හිට ගත්තා..
" අභි.. ඔයාට මොකක් හරි ප්රශ්නයක්ද.. එහෙම නම් ප්ලීස් මට කියන්න.. ඔය කාලෙට ඔයා වැඩිය ප්රෙශර් ගන්න හොඳ නෑ.. "
මොනාද කියන්නේ.. හිත කීරි ගැහිලා යන උරුවම් බාන හඬක් මට ඇහෙනවා කියන්නද.. එහෙමත් නැත්තම් අත්භූත ඇස් දෙකක් සැරින් සැරේ ඇවිත් හොල්මන් කරනවා කියන්නද.. එහෙම උනොත් මෙයත් කියයි මට පිස්සු කියලා.. හරියට මගේ ජානු කිව්වා වගේම..
YOU ARE READING
GAME OF THE DEATH ☠️ || [Zhanyi] ✔️✔️
Fanfictionනුඹ නොමැති දිහාවක තල කොයිද සඳලු කටු මතින් ඇවිද යමි මතක වන වඳුලු උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳලූ ලස්සනම තැන්වලයි... තියෙන්නෙම... කඳුලූ.... !!