ටේ එහෙම කීවම කේ ටේව පැත්තකට දාලා යන්න ගියේ ඊජේගෙ ඉව පස්සෙන්.
කේ අන්තිමට ගිහින් නතර වුනේ සේබොම්වල තිබුනු සොහොනක.
එතනට ගිහින් එයා මනුස්ස ස්වරූපෙට හැරුනෙ බිම දණ නමාගන්න ගමන්.
K : ආශ්...! උයි ජූ?? මට සමා වෙයන් !! මට සමා වෙයන් !!! මම උඹව හොයාගනිද්දි උඹ යන්නම ගිහින් ! හැබැයි මේක හොඳට අහගනින් ! ඔය වැම්පයර් සංහතියම මේ ඇල්ෆගෙ අතින් ඉවරයක් වෙලා තමා නවතින්නෙ !! ඒක මං උඹට දෙන පොරොන්දුවක් !
කේ එහෙම කියන් එතනින් යන්න ගියේ ඉස්කෝලෙට යන්න වෙලාව ළං වුන නිසා.ඒත් කේ නම් එදා හිටියෙ අප්සට් මූඩ් එකෙන් නිසා ළමයින්ට වුනත් එයා සැළකුවේ ගොඩක් සැරෙන්.
මේ වෙද්දි ට්‍රිපල් ජේයි අනික් කට්ටියයි හිටියෙ ඉස්කෝලෙට ගිහින්.
එදා ට්‍රිපල්ගෙ වගේම යොන්ලගෙත් පළවෙනි දවස නිසා එයාලා හිටියෙ ටිකක් විතර බයෙන්.
මේ වෙද්දි යොන්ගෙ නංගිලා තුන් දෙනා නම් හිටියෙ වයස අවුරුදු දහතුන දාහතර පංතිය අනික් පැත්ත ගහන ගමන්.
එකවගේම බුලට් තුනක් ආවම ඒ පංතියේ කොල්ලො ටික නම් එකපාරටම හොල්මන් වෙලා ගියේ තුන් දෙනාව වෙන් කරලා අඳුනගන්න බැරුව.
Yoonie : ඒක නෙවේ.. අර අරයා ඇයි හලෝ කන්න වගේ බලන් ඉන්නෙ මෙහෙ? අම්මපා මට දෙන්න හිතෙනෝ කන පැලෙන්න !!
Yoona : ඒක තමා ! අර අරයා බලන්නකො අනේ.. මොකද්ද හලෝ ලොලිපොප් එක්කුත් ගහන් කරන්නෙ අර?
Wonie : නිදි බං ! පේන්නැද්ද? ඕන්නම් ගිහින් අතගාලා වරෙන්.. නැද්ද මං කියන්නෙ?
Yoonie : ලොලිපොප් කෙසේවෙතත් මට අරූගෙ කම්මුල අතගාන්න මාර ආසාවක් එනෝ ඕයි ! ඇත්තටම අහන්නෙ.. මං ගහලා එන්නම්කො..
යූනි එහෙම කීවෙ පංතිය පිටිම පස්සහ හිටිය කොල්ලෙක් දිහාවට දිව දික් කර කර.
මොකද කීවොත් ඔය ත්‍රිබල පංතියට එද්දිම එයා පාර හරස් කරගත්තු නිසා යූනි එයා එක්ක හිටියෙ මාර තරහකින්.
?? : ඇයි මොකද්ද නංගි ප්‍රශ්නෙ? මගෙ මූණෙ පෙරහැරක්වත් යනවද? ඩෙංකුටු ඩෙංකුටු.. ඔන්න අලියෙක් එනවෝ.. බෙට්ටක් දාන්න කලින් දුවන්නෝ !
YOU ARE READING
Chasing Scent Of You || Fantasy || ☑
FantasyPart.1 Started : 23.04.22 Completed : 23.05.11 Top : Txt Collab : Txt,&audition and iland Category : Fantasy .............🌬️ Ranks :- #9-Life-Lessons #1-JustB Part.2 Started : 23.04.08 Completed : 23.05.23