#6-Where Is He?

24 12 44
                                    

හීසුන්ග් කොහෙද ගියේ කියන්න ඒ වෙනකොට දැනන් හිටියෙ යූනා විතරයි.හීසුන්ග් ඒ දේ යූනට කියලා ගියේ අනික් අයට වඩා යූනට ඒ ගැන තේරුම් ගන්න පුළුවන් කියලා එයා දැනන් හිටිය නිසා.

අන්තිමට ඉතින් ඒකෙන් මේකෙන් උදේ පාන්දර අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා ලෝකෙකට වැටිලා හිටිය කොල්ලො තුන් දෙනා නම් යන්තම් ශේප් කරගන්න කෙල්ලො ටිකට පුළුවන් වුණා.

Woono : ඒත් යූනා !?

Yoona : එයාව විශ්වාස කරන්න වූනො.. ඔප්පා ගොඩක් ශක්තිමත් ඔයාලට වඩා.එයාට පුළුවන් ක්‍රිස්ටල්ස් ටික එකතු කරගන්න.මං හිතන්නෑ ඔප්පා ඒක තනියමම කරයි කියලා.මොකද කීවොත් මෙහෙ demon slayer කෙනෙක් ඉන්නවා.

Woono : මොකක්? ඇත්තටම..?

Yoona : ඒ කව්ද කියන්න නම් මම දන්නෙ නෑ.ඒත් මට එයාගෙ පවර්ස් දැනෙනවා.ඒත් ටික දවසක ඉඳන් මට ඒක දැනෙන්නෙ නැතුවයි තිබුනෙ.ඒත් මේ ළඟකදි ඉඳන් මට ආයෙම ඒක දැනෙනවා.

Yoonie : යූනා..! මෙන්න මේ බඩජාරියට කන්න මොනාහරි හදලා දෙන්නකො මාව කන්න ලෑස්ති මෙතන !.

ඒත් එක්කම යූනි හරුටොගෙත් කනකුත් මිරිකගෙන ඒ පැත්තට ආවෙ ඒ දෙන්නා එදා රෑ වුන බොත්තම් සීන් එක අල්ලන් රණ්ඩුවක් දාගෙන හිටිය නිසා.

Woono : හරුටෝ !!

Yoona : යූනී !!

Both of them : වේ ??

Wonie : මොකෝ නම්කිලා සද්දෙ මේ?

ඒත් එක්කම වොනිත් ඒ පැත්තට ආවෙ ජන්ග්වොන්ගෙ ඇඳ උඩ තිබ්බ බැටලුවෙක් වගේ ටෙඩියෙකුත් අතට අරන්.

Yoona : ආ? කෝ වොනී?

Wonie : එයා චේන්ජ් කරන් එයි.ඇයි දැන් ඔයාලා කියන්නෙ මට ඒ කොල්ලට ඒ වැඩේවත් නිදහසේ කරගන්න නොදී එතනට වෙලා තනි රකින්න කියලද?

Haruto : ඒකත් නරකම නෑ හැබැයි.මොකෝ කියන්නෙ යූනි? ඊළඟ පාර අපි දෙන්නා ට්‍රයි කරලා බලමු.

Yoonie : ඔයා මගෙන් කන්න ඉතාම ආසන්නයි රුටෝයා..!

තරහ වැඩි වුන යූනි හරුටොගෙ අල්ලන් හිටිය කන අනික් පැත්තට වෙන්නම ඇඹරුවෙ කොල්ලගෙ මූණම රතු පාට කරගෙන.

Chasing Scent Of You || Fantasy || ☑Hikayelerin yaşadığı yer. Şimdi keşfedin