#34-Don't Wanna Leave.But...

39 13 70
                                    

අන්තිමට ඉතින් එදා දවස ඒ විදියට තමයි ගෙවිලා යන්න ගියේ.ඒත්...

උදා වුන ඊළඟ දවස මොන වගේ වෙයිද කියලා ඒ කවුරුත් දැනගෙන හිටියෙ නෑ.

එදා වොනී එක්ක එකතු වෙලා ජන්ග්වොන් ක්‍රිස්ටල් එක අරන් ආව නිසා මේ වෙද්දි හීසුන්ග් හිටියෙ නම් පණ පිටින්.

Jungwon : හ්‍යුන්...! ගුම්මෝනිම්..

Heeseung : අහ්? ජන්ග්වොන්? ම්.. මේ ක්.. කොහෙද??

හීසුන්ග් ඒ වෙද්දි හිටියෙ එයා කලින් දැකලා නැති නුපුරුදු තැනක.

Wonie : මොකද අනේ බය වෙලා වගේ? මේ මමත් ඉන්නෝ මෙහෙ..

ඒත් එක්කම වොනිත් එයා රසටම හදන බ්ලඩ් ඩ්‍රින්ක්ස් දෙකක් අරන් එතනට ආවෙ කටපුරා හිනා වෙන ගමන්.

Heeseung : ව්.. වොනී?

Wonie : අනේ ඔප්පා..! ඔයා බය වුනාම නිකන් හැම්ස්ටර් කෙනෙක් වගේනෙ ඇස් දෙක..? හහ් හහ්.. මෙන්න මේක බීලා ඉන්නකො ඉස්සරලම..

වොනී එහෙම කීවත් හීසුන්ග් තවම හිටියෙ දුස්නිම්භූත වෙලා..

Jungwon : කොහොමද අලුත් ගෙදර හොඳද??

Heeseung : ආශ්.. මොනවද කියවන්නෙ උඹලා දෙන්නා !? ආහ්.. මගෙ ඔළුව....!

Wonie : ඔන්න ඉතින් පටන් ගත්තා !! දෙන්නටම රණ්ඩු නොවී ඉන්නම බැරිද අනේ? වොනී ඔයා තමා ඔප්පව අවුස්සන්නෙ !

Jungwon : ආ..? මාව විතරනෙ පේන්නෙ ඔයාටත්..!? අපි කොහෙවත් ගියේ නෑ හ්‍යුන්.මේ මගේ කාමරේ ! උඹ ඒකවත් දන්නෙ නැද්ද?

හීසුන්ග් මෙච්චර වෙලා හිටියෙ ජන්ග්වොන්ගෙ කාමරේ.එයා ඇහැරුන ගමන් කන්ෆියුස් වුනේ එකපාරටම එයාට අමුතු ශක්තියක් දැනුන නිසා.

Heeseung : වොනී?

Wonie : බය වෙන්න එපා අපේ රෙඩ් බ්ලඩ් උතුමානෙනී...!

Jungwon : සිකේ.. ඒක හරියන්නෑ මුට.

Heeseung : ආශ්.. මොනාද උඹලා කියවන්නෙ???????

Wonie : හරි අපි සීරියස් වෙමුකො... ඔයා තමයි රෙඩ් ක්‍රිස්ටල් එකේ අයිතිකාරයා.ඒ කියන්නෙ රෙඩ් බ්ලඩ්ස්ලගෙ උරුමක්කාරයා.දැන් ඉතින් ක්‍රිස්ටල් එක ඔයා ළඟ තියෙනවා.ඔයාට තියෙන්නෙ රාජධානිය ගොඩ නගන්න විතරයි.

Chasing Scent Of You || Fantasy || ☑Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ