#32-Let's Get Together

30 13 47
                                    

ජන්ග්වොන් ඒ වෙලාවෙ හීසුන්ග්ගෙ කම්මුල් දෙකට තට්ටු කළත් හීසුන්ග් ඇහැරුනේ නම් නෑ.ඒ නිසා ජන්ග්වොන් හිටියෙ ගොඩක් බයෙන්.

Jungwon : හ්‍යුන්..‍!! ආහ්... වොනී !! ඉන්න දිහාවකින් එන්න ප්ලීස්...‍! මට ඔයාගෙ උදව් ඕනි ‍!

ඒ වෙලාවෙ ජන්ග්වොන් වොනීට මනසින් මැසේජ් එකක් යැව්වෙ වැම්පයර්ස්ලට ඒ වැඩේ කරන්න පුළුවන් නිසා.වොනී විසාඩ් කෙනෙක් නිසා එයාටත් මනසින් ජන්ග්වොන් එක්ක කතා කරන්න පුළුවන් වුනා නිශ්චිත දුරකදි.

ඒ වෙද්දි වොනී හිටියෙ අර දෙන්නත් එක්කම ඇඳ උඩට වෙලා එයාලා නිදි අතරෙ එදා එයාලා හගපු ෆොටෝස් බල බල..

ජන්ග්වොන්ගෙ මැසේජ් එක ලැබුන ගමන් වොනී එකපාරටම ගැස්සිලා ගියේ මේක එයාගෙ පළවෙනි වතාව නිසා.

Wonie : ම්.. මොකද්ද ප්‍රශ්නෙ? වොනී..! මාව ඇහෙනවද??

Jungwon : හ්.. හ්‍යුන්..? හ්‍යුන් කතා කරන්නෙ නෑ ! එ.. එයා හුඟක් සීතල වෙලා ඉන්නෙ.ඒ මදිවට ව්.. වෙවුලනවා.. ඉක්කත් වැටෙනවා.. ව්.. වොනී..! හෙල්ප් මී ප්ලීස් !!!!

Wonie : කලබල නොවී ඉන්නකො ඉස්සරලම.ඔහොම පොඩ්ඩක් ඉන්න...! ඔයාට පුළුවන් නම් ඔප්පගෙ අත් දෙක හීට් කරන්න.ඊට පස්සෙ හොඳට බෙඩ්ෂීට් දෙක තුනක් පොරවලා ඔයත් එයා එක්ක ගුලිවෙලා නිදාගන්න..

Jungwon : ආශ්... මෙච්චර වෙලා එහෙම තමා හිටියෙ වොනී ! මං හිතන්නෙ මේක වෙන දෙයක්..!

Wonie : ඔහ්.. ඔහ්හ්.. මට ඇහුනා ඔන්නිලා කතා වෙනවා..! ඒ ඔයාලගෙ ගෙදර..! ඒක.. ඒක ගිනි ගන්නවා..!!

Jungwon : මොකක්?

Wonie : වොනී..! ඔයාට පුළුවන් ද දැන්මම සොක් හො දිය ඇල්ල ළඟට යන්න?? මට එන්න විදියක් නෑ වොනී.. ඔන්නිලා එලියට යන්න දෙන්නෑ මේ වෙලාවෙ.ඒත් මම ඔයා එක්ක ඉන්නවනෙ? දිගටම ඔහොම කතා කර කර යන්නකො ඉක්මනටම !!

වොනී එහෙම කීවෙ තමන්ගෙ අවදානෙ සම්පූර්ණයෙන්ම ජන්ග්වොන්ට දෙන ගමන්.

කීවත් වගේම එයත් වොනී කීව දේ අහලා අර දිය ඇල්ල ළඟ තිබුනු ගුහාවට යන්න ගියේ ඒ තැන මීට කලින් රෙඩ් බ්ලඩ්ස්ලගෙම තැනක් නිසා.

කොහොමහරි එයා එතනට යද්දි ඒ ගුහාව ඇතුළ තනිකරම ගිනි ගන්න ගමනුයි තිබ්බෙ.ඒත් ජන්ග්වොන් දොරටුව ළඟටම ගිහින් වොනී කියන දේ ඇහුවෙ හීසුන්ග් වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න එයා ලෑස්ති නිසා.

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now