#7-Who Will Save Them?

25 14 54
                                    

ඩැනියල් කීවෙ යොන් ගැන වුනත් ටේට ඒ වෙලාවෙ තිබුනෙ ඩැනී කතා කරපු එකේ සතුට මිසක් කියපු දේවල් තේරුම් ගන්න වුවමනාවක් නම් නෙවෙයි.

Yeon : තාහෝ...!

Taehyun : අහ්..? ක්.. කුමරිය..!?

ඒත් එක්කම ටේට යොන්ගෙ කටහඬ ඇහුන නිසා එයා ඩැනීවත් කොට්ටෙකට ළං කරලා තියලා පහළට දිව්වෙ යොන්ගෙ සද්දෙ ඒ තරම් හොඳ එකක් නොවුන නිසා.

ගිහින් බැලින්නම් යොන් ඒ වෙලාවෙ බෙරිහන් දීලා තියෙන්නෙ සූබින් නිසා.

මොකද කීවොත් ඒ වෙද්දි සූබින් හිටියෙ තනිකරම අයිස් කුට්ටියක් වගේ සීතල වෙලා ගිහින්.

Taehyun : ම්.. මොකද්ද..!?? ම්..

Yeon : තාහො ! අපි ළඟ potions ඉතුරු නෑ.එහෙම එකේ මෙයා එයා ළඟ තිබ්බ අන්තිම එක බොරුවක් කියලා මට දුන්නා.මම දන්නවනම් එයා ඒ කීවෙ බොරුවක් කියලා කීයටවත් ඒක පාවිච්චි කරන්නෙ නෑ.. අනේ තාහො.. කුමාරයා බේරලා දෙන්න !!

Taehyun : විකෙනුයි මමයි potions ගන්නෙ නෑ කුමරිය..! මට තේරෙන්නෙත් නෑ මොනවා කරන්නද කියලා.අපිට potions ගෙන්නගන්න විදියක් නෑනෙ..!?? ආශ්.....! හසුකි නූනා..!!! අපිට potions ඕනි..! ප්ලීස්...!!

ඒ වෙලාවෙ ටේහ්‍යුන් ඒ විදියට කෑගැහුවෙ සූබින්ගෙ ෆ්‍රීස් වෙච්ච අතකුත් අල්ලගෙනමයි.ඒ වෙලාවෙ යොන් හිටියෙත් මුලු ලෝකෙම කඩාගෙන වැටිලා වගේ මූඩ් එකක.මොකද කීවොත් සූබින් යොන් වෙනුවෙන් එයාගෙ අන්තිමට potion එක යොන්ට දීලයි තිබුනෙ.

ඒක නිසා සූබින් මේ වෙද්දි හිටියෙ ජීවිතයත් මරණයත් අතර සටනක.

*knock knock*

ඒත් එක්කම ඒ ගෙදර බෙල් එක රින්ග් වෙන්න පටන් ගත්තෙ හරියට හාස්කමක් වගේ.කවුරුත් ඒකට ප්‍රතිචාරයක් දැක්වුවෙ නැති නිසා ඒ ආව කෙනා ඇරලා තිබ්බ දොරෙන් ගේ ඇතුළට ආවෙ එයාට එහෙට එන්න කාගෙන්වත් අවසරයක් ගන්න ඕනි නැති නිසා.

එයා කෙලින්ම ගියේ පහළ තට්ටුවේ තිබුනු සූබින්ගෙ කාමරේට.

ගිහින් එයාගෙ අතේ තිබුනු චූටි මල්ලක් යොන්ගෙ අතට දීලා එයා සූබින්ගෙ පැත්තට අත දික් කරලා එයාට ඒවගෙන් එකක් දෙන්න කියලා කීවා.

Chasing Scent Of You || Fantasy || ☑Onde histórias criam vida. Descubra agora