#13-Believe Them

47 17 50
                                    

කොහොමහරි ඉතින් ඒ දෙන්නා කැන්ටින් එකට යද්දි එතන එකම ඝෝෂාවයි.සෙනග මැද්දෙන් රිංගලා බැලුවම තමයි යූනා ඒ වෙන දේ හරියටම දැක්කෙ.

Wonie : යේහ්.. හරුටෝ ‍! මං කලින්ම කීවෙ නැද්ද ඔයා ඔය හැප්පුනේ වැරදි කෙනා එක්කයි කියලා?? හූ හූ.. දැන් ඉතින් ඇති වෙන්න කව්වන එකයි ඇත්තෙ.

පැත්තට වෙලා ලොකු බර්ගර් එක්කුත් කටේ ඔබන් හිටිය වොනී එහෙම කීවෙ ඒ වෙලාවෙ හරුටො යූනිට තමන්ගෙ චොප්ස්ටික්ස් දෙකෙන්ම කෑම කව කව හිටිය නිසා.

ඔය සේරම වුනේ එදා වලියෙන් යූනි දිනපු නිසා.

Yoona : යූනි !? මොනාද ඔය කරන්නෙ?? නැගිටින්න කීවෙ ඔතනින් !!

යූනා එහෙම කියන් යූනිගෙ අතින් ඇදලා වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටෙව්වෙ හොඳටම තරහ ගිහින්.

ඒ අස්සෙ අර ලොලිපොප් කොල්ලා අන්දුන්කුන්දුන් වෙලා වගේ එහෙ බලන් හිටියෙ එතන එක වගේම කෙල්ලො තුන් දෙනෙක් හිටිය නිසා.

Wonie : ඔහ්.. මෙන්න මෙයා?

Yoona : ඔයාටත් එක්ක තමයි කීවෙ ! දෙන්නම ඕක නවත්තලා පංතියට යන්න දැන් !! ඔන්නි එහෙම දැනගත්තොත් අපිව මේ ඉස්කෝලෙනුත් වෙන එක්කට එක්කන් යයි ! මතකනෙ ඔයාලගෙ වැඩ නිසාමනෙ අපිව මෙහෙට එව්වෙත් !?

යූනට ආපු තරහට බැනගෙන බැනගෙන ගියේ එයාගෙ පොඩි අක්කයි නංගියි ඩබල එකතු වෙලා කරන ජඩ වැඩවල ඉවරයක් නැති නිසා.

Yoonie : අනේ මේ යූනා ! පැත්තකට වෙලා ඉන්නවද? මේක මගේ වැඩක්.

Wonie : ෂ්..! දෙන්නම නවත්තගන්න !! ඔයාලගෙන් වැඩිමලා හැටියට මම මේ කියන්නෙ ! දෙන්නම දෙන්නගෙ වැඩක් බලන් පාඩුවේ හිටියනම් හරිනෙ මෙච්චර වෙලා හිටියා වගේ??

Haruto : ආශ්......! තමුන්ලා තුන්දෙනා නම් මහ වාතයක් !!! ෂික් ! මගෙ දවසම කාලා දැම්මා.විශේෂෙන් මෙන්න මෙයා !

එහෙම කියන් හරුටො කලින් පාර වගේම යූනිගෙ මූණටම එබුනෙ යූනා යූනිගෙ අතින් අල්ලන් ඉද්දිමයි.

?? : ආශ්...!!! හරුටෝ ! නවත්තපන් ඕක !! ලැජ්ජා නැද්ද බං කෙල්ලොන්ව අල්ලන් නෝන්ඩි වෙන්න?

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now