මීට අවුරුදු කීපයකට ඉහතදී මෙලොව,
මිනිසුන්,
දේවදූතයින්,
වෘක මින්සුන්,
දෙමුහුම් සත්වයින්,
වැම්පයර්වරු මෙන්ම මායාකාරයින්ගෙන් සැදුම්ලත් වූවකි.ජපානය ප්රමුඛ කොටගෙන ලෝකය පුරා විසීරී ගිය මෙම සත්ව ප්‍රජාව අද වන විටද අප අතර වේද යන්න කිසිවෙකු නොදන්නා කාරණයකි.
එකල එහි නගෝයා නගරය තුළ වූ සුන්දර ගම්මානයක් තුළ සිදු වූ අසුන්දර සිදු වීම් පෙළක් වේ.ඉන් පළමු වැන්න ඉහතදී ඔබ රස විඳින්නට ඇති ඔබ විස්මයට කරුණක් නොවේ.
මන්ද යත් ඒ ඔවුන්ගේ ජීවන කතාවේ මුල්ම ආරම්භයයි...
මෙතැන් පටන් එම ගමනේ ගමනාන්තය සොයා යන ගමන ආරම්භ වනු ඇත.
නගෝයා නගරය..
මෙහි වාසය කළෝ හුදෙක් සාධාරණ අන්දමින් දිවි ගෙවූ මිනිසුන් ය.මොවුන්ගේ ගම්මානය ඉතා ඝන කැලෑ රොදකින් වට වූවකි.ගම්මානය කෙරේ ඇල්මෙන් දිවි ගෙවූ ගම්වැසියන් අතර වඩා කැපී පෙනුනු එක්තරා පවුල් ඒකකයි ලෙස ෂිගේටා මහතා නම් දරා සිටියේ ය.මන්ද යත් ඒ ගමෙහි ගම් ප්‍රධානියා වූයේ ඔහු ය.ඒ වන විට ඔහුට දයාබර බිරිඳක් හා කුඩා දියණියක් සමග කුඩා ළදරුවෙක්ද විය.තම පවුල සමග ආදරයෙන් දයාවෙන් දිවි ගෙවූ ඔහු තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කොට පවත්වාගෙන ගියේ අනෙකුත් ගම්මුන්ගේ රැකියා අර්බුදයට පිළියමක් වශයෙනි.
ගම අවට වූ කැලෑ රොද යම්තාක් නොසන්සුන්කාරී එකක් විය.මන්ද යත් එහි ඉහත නම් කරන ලද විවිධ වූ ජීවින් වාසය කළේ ය.එහිදී Twelve Paws නම් වූ එක්තරා නර වෘක රැළක් එම කැලෑ රොදේ නායකත්වය හෙබවූයේ ය.මීට අමතර එහි ඉතා සරලව අහිංසකව දිවි ගෙවූ මිනිස් නරි දෙමුහුම් නරි රැළක්ද විය.
එකම පවුලේ සත්වයින් වශයෙන් මෙම රංචු දෙකම ඉතා සාධාරණව දිවි ගෙවූයේ මිනිසුන්ගෙන් ඔවුන්හට කිසිඳු තර්ජනයක් හෝ නොතිබුනු නිසාවෙනි.
ඉන් ඔබ්බට එහිම වාසය කළ විවිධාකාර දෙමුහුම් සත්වයින් විය.ඒ අතර පූස් මිනිස් දෙමුහුම් හා කොටි මිනිස් දෙමුහුම් ද විය.
ඔවුන්ද නර වෘකයන් හා සාමකාමීව දිවි ගෙවූයේ ය.
එමෙන්ම එකල මෙම සියලුම සත්වයින්ගේ ආකර්ෂණය ගෞරවය දිනාගෙන සිටියේ වැම්පයර්වරුන් විසිනි.එතෙක් කිසිවෙකු හෝ ඔවින්ගේ වාසස්ථාන පිළිබඳව දැනුම්වත් නොවූවෝ ය.මන්ද යත් හිරු එලිය හා සතුරු ඔවුන් එලි බසින්නේ හඳ එලිය සමගින් පමණි.
![](https://img.wattpad.com/cover/340023153-288-k269075.jpg)
YOU ARE READING
Chasing Scent Of You || Fantasy || ☑
FantasyPart.1 Started : 23.04.22 Completed : 23.05.11 Top : Txt Collab : Txt,&audition and iland Category : Fantasy .............🌬️ Ranks :- #9-Life-Lessons #1-JustB Part.2 Started : 23.04.08 Completed : 23.05.23