#25-Arrested

46 17 93
                                    

මාකිටත් ඉතින් කව්ද කින්ද මන්ද නෑ එයා ඕනි කෙනෙක් එක්ක කතා කරන නිසා ක්‍යුන්ග්මින්වත් දැක්ක ගමන් එයා ඇඳ උඩට නැගලම කතා කරන්න පටන් ගත්තෙ ක්‍යුන්ග්මින් අමුතු විදියට හිටිය නිසා.

Kyungmin : ඔහ්.. ඔ.. ඔයා werewolf කෙනෙක්ද?

Maki : මොකක්? පිස්සුද හ්‍යුන්?? එහෙම අය ඉන්නෙ කතන්දරවල විතරනෙ? මම අපේ නූනගෙයි හ්‍යුන්ගෙයි මාකිනෙ?

මාකි එහෙම කීවෙ යොන්ජුන්ගෙ ඇඳ උඩ තිබුනු ෆොක්ස් ප්ලෆී කෙනෙක්ව අතට ගන්න ගමන්.

ඇත්තටම කීවොත් මාකිගෙ වෙස් මාරුව සිද්ධ වුනේ ඉබේම වගේ නිසා එයාට එවලෙ වුන දේවල් මොකුත්ම මතක තිබුනෙ නෑ.

මොකද කීවොත් හඳේ බලපෑමට හැම වෘකයෙක්ම ඉන්නෙ නිකන් මොකකට හරි වශී වෙලා වගේ තමයි.

Kyungmin : අ.. ආහ්.. හ්.. ම්..

Maki : ඒ.. හ්‍යුන් !! හ්‍යුන් ‍‍‍!! මොකද්ද වුනේ?? හ්‍යුන් !!

එකපාරටම ක්‍යුන්ග්මින් අමාරුවෙන් වගේ උගුර අල්ල ගත්තෙ මාකිව පුදුම කරවගෙන.ඒ වෙලාවෙ ක්‍යුන්ග්මින් හිටියෙ හොඳටම සුදු මැලි වෙලා.

Kyungmin : ම්.. මාකි ! ම්.. මගෙ.. හ්.. හ්‍යුන්..? හ්‍යුන්ට.. උ.. උදව්.. උ..

Maki : නූනා !! නූනා !!!!!!!! නූනා !!!!!

ක්‍යුන්ග්මින් මාකිගෙ එක අතකින් තදින්ම අල්ලන් එහෙම කීවෙ එයාගෙ අන්තිම හුස්ම පිට වෙනවත් එක්කමයි.

එතනින් එහාට නිශ්ශබ්ද වුන ක්‍යුන්ග්මින් යොන්ජුන්ගෙ ඇඳ උඩ එහෙමම අවසන් ගමන් යන්න ගියේ ඇස් දෙකෙන් කඳුලු බිංදු දෙකකුත් වට්ටගෙනමයි.

ඒත් එක්කම මාකි බෙරිහන් දීගෙන උඩට දිව්වෙ මේ ගැන නූනට කියන්න.ඒ දේවල් වෙද්දි දවල් වෙලා තිබුන නිසා එයාලා වැඩි දෙයක් කරන්න කලින් බෝඩින්ග් වෙලා ඉන්න අයත් ඉස්කෝලෙ ගිහින් ආයෙම ගෙදර ආවෙ ඉවරයක් නැති වැස්සෙන් හෙම්බත් වෙලා.

ඒත්..

Hazuki : යොන්ජුන්...?

Yeon : ඒහ්.. ට්‍රිපල් ජේ !! අපි යමු මෙතනින්.. කෝ එන්නකො කියන දේ අහලා !!

Kai : ම්‍යොව්ජි ! ඔයාලා මෙතනින් යන්න කීවම අහලා !!

Soobin : නූනා?

Chasing Scent Of You || Fantasy || ☑Where stories live. Discover now