#33-Not Everything Okay

31 14 69
                                    

දායුන් ඒ පිහාටුව අරන් පිළිවෙලට වූනොගෙ නළල,ඇස්,කම්මුල්,අත්,කකුල් පිරිමැදගෙන යන ගමන් තමන්ගෙ පවර්ස් පාවිච්චි කළේ ගොඩක් සන්සුන් වෙලා.

Dayun : සමා වෙන්න.මේ ලේවල ශක්තියෙන් ඒ කිනිස්සේ විස මැකිලා යන්න ඕනි..ඉක්මනට ඇහැරෙන්න.. මගේ වූනෝ...

දායුන් ඊළගට කළේ එයා ළඟ තිබුනු හැට්ටකට්ටකින් එයාගෙ වම් අතේ දබරගිල්ල සිදුරු කරලා ලේ එන්න සලස්වන ගමන්.

එයා ඒ ලේ වැටෙන්න සැලැස්සුවේ වූනොගෙ තුවාලෙට.

ඒත් එක්කම එතනින් විහිදුන ආලෝකයක් එක්ක දායුන්ව ඉබේම වගේ වූනො හිටිය ඇඳ ළඟම වාඩි වුනේ ඒ වෙද්දි එයා එයාගෙ ශක්තීන් ගොඩක් මේකට යොදවලා තිබුන නිසා.

තත්පර ගානක් ඇතුළත ඒ ගමන්ම වූනොගෙ උරහිස ළඟ තිබුනු ඒ ලොකු කැපුම් පාරවල් ඇතුළින් තුවාල වෙලා තිබුනු වූනොගෙ දකුණු අතේ ඇටකෝටු ආයෙම  තිබුනු විදියට හරිගැස්සුණා.

ඒත් එක්කම දායුන් ඉක්මනටම ඒ කැපුම් පාරවල් මැජික් ඉදිකටුවකින් මහලා දැම්මෙ යොන් එයාලට උගන්නපු පළවෙනි ලෙසන් එකේ විදියට.

අන්තිමට ඉතින් දායුන් ඒ තුවාලෙත් හොඳට ගෝස් පටිවලින් ඔතලා වූනොගෙ දකුණු අතත් හෙමින් උස්සලා වූනොගෙ බඩ උඩින් තිබ්බෙ ඒ වෙලාවෙ ඒ අත පහළට එල්ලිලා තිබුනු නිසා.

ඊළගට දායුන් කළේ වූනො ළඟටම වෙලා වූනොගෙ මූණෙ තිබුනු සීරිම් පාරවල්වල ලේ පුළුන් කෑල්ලකින් පිහදාන එක.ඒ වෙලාවෙ දායුන්ගෙ ඇස් දෙකේම කඳුලු පිරිලයි තිබුනෙ.

මොකද කීවොත් ඒ වෙලාවෙ වූනො සිහිය නැතුව ඉන්න විදියට දායුන්ට මතක් වුනේ ඩෙස්ක් එකේ ඔළුව තියන් ලොලිපොපුත් කකා  හිටපු වූනොව එයා මුලින්ම දැකපු දවස.

කොහොමහරි ඉතින් දැන් වූනොගෙ ජීවිතේ තිබුනු අවදානම නැති වෙලයි තිබුනෙ.ඒකෙන් ඔප්පු වෙන්නෙ දායුන්ගෙයි වූනොගෙයි බැඳීම කොයිතරම් ශක්තිමත් ද කියන එක.

මේ වෙලාවෙ අර පූස් ජෝඩුව නම් හිටියෙ රෑ කෑම කලින් කාපු නිසා ආයෙම බඩගින්නක් ඇවිත් ආයෙම රෑ කෑම කන ගමන්.

Kai : මං කීවනෙ කිටියෝ... කොහොමද ඒ මීයා?

Kitty : කොහොමද අහන්නෙ? මමනෙ අල්ලගත්තෙ ඌව ! ඔයා අල්ලව්වෙ නිකන්ම නිකන් චූටි මී පැටියෙක්ව විතරනෙ?අනික කව්ද දැන් මූව රසට ඊවෙ?ඒත් මමනෙ??

Chasing Scent Of You || Fantasy || ☑Tempat cerita menjadi hidup. Temukan sekarang