#2-Begin Of The Countdown

84 18 96
                                    

කොහොමහරි ඉතින් ඔය කට්ටියට හරියට නිදාගන්න ලැබුනෙ පැය කීපයක් විතරයි.

අර කීවත් වගේ හැමදාම වගේ ටේහ්‍යුන් තමයි උදෙන්ම ඇහැරිලා හිටියෙ.උදෙන්ම කියලා කියන්නෙ පාන්දර හතරට විතර.

ඒ වෙද්දි බොම්ග්‍යු නම් හිටියෙ පළවෙනි කාමරේවත් දෙවනි කාමරේවත් නෙවෙයි.බොම්ග්‍යු හිටියෙ තුන් කාමරේ ඇතුළෙ.

ටේහ්‍යුන් උදෙන්ම නැගිටලා ඔය කාමරවලට පෝලිමට ඔළුව දාන් යන්නෙ එක එකා ගානෙ ඇහැරවන්න ඕනි නිසා.

එදා දෙවනි කාමරේ හිටියෙ යොන්ජුන් ඒ කාමරේ පේන්න හිටියෙ නැති නිසා අනික් අයවත් ඇහැරවන් ටේහ්‍යුන් ඒ ගැන කතා වෙන්න පටන් ගත්තෙ බොම්ග්‍යු හිටිය තුන් වෙනි කාමරේට ගිහින්.

Taehyun : උඹලා එකෙක්වත් දන්නැද්ද මූ කොහෙද ගියේ කියලා??

Beomgyu : දන්නවනම් මෙහෙම ඉන්නවයෙ බං !? ඒයි සූබිනා  ! උඹ නම් දැනගන්නම ඕනි අරූ කොහෙද කියලා.උඹනෙ මෙතන ඊළගට වැඩිමලා ! නැද්ද කායියා?

බොම්ග්‍යු එහෙම කීවෙ එතන ටේට අමතරව තව කොල්ලො දෙන්නෙක් හිටිය නිසා.

ඒ එක්කෙනෙක් තමයි සූබින් කියන්නෙ.බොම්ග්‍යු කීවත් වගේම සූබින් තමයි ඔය සෙට් එකෙන් දෙවනියට වැඩිමලා.

අනික් කෙනා තමයි කායි.
කායි තමයි ඒ කල්ලියෙන් පොඩිම කෙනා.

මේ ගෙදර දෙවනි තට්ටුවේ බෝඩ් වෙලා හිටිය මොලේ කචල් කොල්ලො පස් දෙනා තමයි ඒ.

Soobin : උට නරිච්චියක් සෙට් වෙලානෙ? උදෙන්ම යන්න ඇති බලන්න.

Kai : ෂික්.. අච්චර අර නූනලා නංගිලා ගොඩක් පස්සෙන් එද්දි මූ මොන එහෙකට නරිච්චියක්වම සෙට් කරගත්තද මංදා !

Beomgyu : අන්න ඒකනෙ සගෝ ! ඌ කොහෙ ගියත් වෙලාවට ඉස්කෝලෙට එයිනෙ? ඉක්මනට ලෑස්ති වෙලා යමල්ලා ඉතින්.

Taehyun : හ්ම්.. ඒක නෙවේ බොම්ග්‍යුවා..? උඹ ඊයෙ රෑ අන්නාසි එහෙම කෑවෙ නෑ නේද??

එකපාරටම ටේහ්‍යුන් එහෙම ඇහුවෙ බොම්ග්‍යුගෙ මූණ රතු වෙලා තිබුනු නිසා.

Beomgyu : අ... ආ... මොකා?

Taehyun : නෑ නිකන් උඹ අන්තිමට අන්නාසි කෑව දවසෙ වගේ මූණ රතු වෙලා තියෙන නිසා ඇහුවෙ මම.

Chasing Scent Of You || Fantasy || ☑Donde viven las historias. Descúbrelo ahora