ඇත්තටම යොන්ජුන් එහෙම කීවෙ හිතාමතාමයි.මොකද කීවොත් එයාට තිබුනු එකම සැකේ තමයි ෂිගේටා ෆැමිලි එක.
එදා යොන්ජුන් ක්යුන්ග්මින් ගැන මිස් ෂිගේටට කියලා ගියේ එයාලා ඉස්කෝලෙ ගිහින් එනකන් එයාට එහෙ ඉන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මත.
ඒත් මේ වුන දෙයින් යොන්ජුන්ට හිතුනෙම මේකට එයාලා සම්බන්ධයි කියලමයි.
Triple J : ම්... මොකාක්ක්??? ඔ.. ඔයාද ඇන්ට්‍රි එක ද්..දැම්මෙ?
K : මොකක්ද කියන්නෙ?? හසුකිව ඇරෙස්ට් කළාද????
Hayate : මොකාක්ක්ක්?
Chaerin : අහ්?? පිස්සුද ළමයි ඔයාලට???
Yeonjun : කාටවත් පිස්සුවක් නම් නෑ ! නැතිවුනේ ඔයාලගෙ සහෝදරයෙක් නෙවෙයිනෙ? ඒ මගේ එකම සහෝදරයා ! උඹලට ඕවා තේරුම් ගන්න බෑ.උඹලත් වාසියට විතරනෙ වැඩ ! පලයන් ඉතින්.දැන් ගිහින් උඹලගෙ එවුන්ව හොයන් වරෙන් ඩාක් බල්ඩ්ස්ලා ළඟින්..! ඒත් මේක දැනගනින් ! ක්යූ හිටියෙ නැත්තම් උඹලා තාමත් ඒ ගැන දන්නෙ නෑ !!
යොන්ජුන් ගොඩක් දරුණු විදියට කතා කළේ එයා මෙච්චර වෙලා හිතේ හිරකරන් හිටිය වේදනාව නිසාමයි.ඒත් මේ වෙනස ගැන ට්‍රිපල් ජේටත් හිතාගන්න බැරුව ගියේ ඒ එයාලගෙ නායකයා නිසා.
Sunoo : හා.. හාච්චුං ! අහ්..?? නරියො?? අ.. ගර්...ර් ර් ර් ර් ර් ර් !!
ඒ අස්සෙ නරියොන්ගෙ ඉව දැනුනු සූනු හච්චුමකුත් ඇරගෙනම ගෝනුගෙ ඔඩෙක්කෙන් ඔළුව උස්සලා වටපිට බැලුවෙ නින්දෙන් කියවනවා වගේ.ඒත් ඒ එයා කියෙව්වෙ නින්දෙන් නම් නෙවෙයි.
Geonu : මූ ඇවිස්සුනොත් මහ ලැට් එකක් ! දොයි දොයි දොයිය බබා.. දොයි දොයි සූනු බබා.. දොයි දොයි දොයි හ්‍යුන්ගෙ මල්ලි පණ !!
ඒ අස්සෙ ගෝනු පොඩි විහිළුවකුත් කරගෙන සූනුගෙ බඩට හෙමින් තට්ටු කළේ එසැනින් කොල්ලට නින්ද යන නිසා.
K : මේක අහපන් යොන්ජුන් ! මෙච්චර කල් මම උඹෙ එවුන් බලාගත්තෙ මට රංචුවක් නොතිබුන නිසා නෙවෙයි ! උඹලයි අපියි වෛරක්කාරයො නෙවෙයි කියන්න උඹ දන්නවනෙ?? එච්චර කරපු මටද උඹ ඔය ඔහොම කතා කරන්නෙ? මේක අහපන්.. මට මගේ දකුණු අත වගේ හිටිය උයි ජූව නැති වුණා.මගේ මල්ලි කෙනෙක් වගේම මම ආදරෙන් බලාගත්තු තාකිව මට නැති වුණා.පොඩ්ඩක් තේරුම් ගනින්.උඹ නේද නායකයා? උඹ ඔක්කොටම කලින් මොලේ කුරුවල් කරන් හරියනවද? හදිස්සි වෙලා තීරණ ගන්නෙ ඇයි උඹ? පොඩ්ඩක් මේ කෙල්ලගෙන්වත් අහලා ඉඳහන් දෙයක් කරන්න කලින්.
![](https://img.wattpad.com/cover/340023153-288-k269075.jpg)
KAMU SEDANG MEMBACA
Chasing Scent Of You || Fantasy || ☑
FantasiPart.1 Started : 23.04.22 Completed : 23.05.11 Top : Txt Collab : Txt,&audition and iland Category : Fantasy .............🌬️ Ranks :- #9-Life-Lessons #1-JustB Part.2 Started : 23.04.08 Completed : 23.05.23