ඒ වෙලාවෙ සූබින් මූණ දෙල් කරන් හිටිය විදිය දැක්කම යොන්ට එයා ගැන බය හිතුනෙ මොනා වුනත් ඒ ඉන්නෙ නිකන්ම නිකන් සූබින් කෙනෙක් නෙවෙයි නිසා.
Yeon : මොකක්ද?? මොකද්ද ඔයා කියන්නෙ??? මගේ දිහා බලන්න...
යොන් එහෙම කියන් සූබින්ගෙ ළඟට ළං වෙන ගමන් එයාගෙ අත් දෙක අල්ලගත්තෙ මොනා වුනත් කොල්ලගෙ හිනාව ආයෙම මූණට ගෙන්නගන්න ඕනි නිසා.ඒත් ඉතින් සූබින් ඒ වෙලාවෙ හිටියෙ ගොඩක් සීරියස් වෙලා.
Soobin : නෑ යොන්.. මට දෙයක් තේරෙනවා.. මම මුලින්ම ඉගෙන ගත්තෙ සහෝදරකම ගැන.ඊළඟට යාලුකම් ගැන.ඊටත් පස්සෙ ආදරය ගැන.අන්තිමට මට වගකීමක් දරන විදියත් ඉගෙන ගන්න ලැබුනා ට්රිප්ලට්ස්ලගෙන්.මං හිතන්නෙ... මම ඉතුරු අලුත් අත්දැකීම්වලින් අලුත් පාඩම් ඉගෙන ගන්න කලින් අපිට මෙහෙන් යන්න වෙයි.සදහටම.
Yeon : ඔහ්.. මේ බලන්නකො? ඔයාගෙ තොල්..?? ඒවා ගොඩක් වේලිලා ගිහින්.. එතකොට මේ ඇස්..? ඒවා මහන්සි පාටයි..
යොන් එක අතකින් සූබින්ගෙ කම්මුල අල්ලගන්න ගමන් එහෙම කීවෙ ඒ වෙලාවෙ සූබින්ගෙ තොල් ඇත්තටම ඉරි තලපු කාන්තාරයක් වගේ වේලිලා ගිහින් තිබුන නිසා.
*Knock knock*
Beomgyu : අහ්..? ප්රින්ස් සෝල්..?? ප්රින්සස් සෝයොන්? විවෘත එලිමහනෙ ලව් කරන එකත් ටෙස්ට් එකේ කෑල්ලක්ද?
ඒත් එක්කම අතින් කටින් බඩු මල්ලු ටික්කුත් එල්ලන් බොම්ග්යු ගෙදරට ආවෙ එද්දිම පේන්න තිබුනු අර සිබ දර්ශනෙන් කුල්මත් වෙලා.
ඒක නිසා කොල්ලා අර දෙන්නා ගාවට ඇවිත් එහෙම කියලා යොන්ට ඇහැකුත් ගැහුවෙ දෙන්නගෙ ලව් එක නැගලම යන නිසා.
බොම්ග්යු කීවත් වගේ යොන් කියන්නෙ සූබින්ගෙ ප්රින්සස්.ඒ වගේම යොන්ගෙ ඇත්ත නම සෝයොන්.එතකොට සූබින්ගෙ ඇත්ත නම තමයි සෝල්.ඒත් එයාලා වැඩිය ඒ නම් මෙහෙදි පාවිච්චි කරන්නෙ නැත්තෙ මේක මනුස්ස ලෝකය නිසා.
Yeon : බොම්ග්යු-ආ..!
Beomgyu : අහ්.. මියන්හම්නිදා...!! මො..... මොකක් හරි අවුලක් නේහ්?? කොල්ලො..? මොකෝ මේ?
ඒත් එක්කම සූබින්ගෙ මූණටම එබුනු බොම්ග්යු එහෙම කීවෙ ඇස් දෙකත් ලොකු කරගෙනමයි.
![](https://img.wattpad.com/cover/340023153-288-k269075.jpg)
YOU ARE READING
Chasing Scent Of You || Fantasy || ☑
FantasyPart.1 Started : 23.04.22 Completed : 23.05.11 Top : Txt Collab : Txt,&audition and iland Category : Fantasy .............🌬️ Ranks :- #9-Life-Lessons #1-JustB Part.2 Started : 23.04.08 Completed : 23.05.23