මන් කළුවර නිල් අහසට ගොඩක් ආසයි
තරු ගොඩක් වටකරන්
ආඩම්බරකාර සතුටකින් ඉන්න
හඳ බලන්න නෙමෙයි....
හඳේ තනිය මකන්න ඉන්න
කාගෙවත් වැඩිය අවදානයක් ලැබෙන්නේ නැති
තරු දිහා බලන්න....
මොකද
ඒ තරු එයාල තනියම
කොච්චර දුකින් හිටියත්
බලන අයට ආස වෙන්න
දිලිසි දිලිසි රෑ අහසම ලස්සන කරනවා...
මමත් ඒ පුංචි තරුවක් වගෙයි....
කොච්චර දුකින් හිටියත්
අනිත් අයගේ සතුට වෙනුවෙන්
මට පුළුවන් විදියට සතුට ලං කරලා දෙනවා.....
♡ Wind_Princess ♡
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023