අකාසයේ අඳුරු වලාපට
එකිනෙක ගලා යාවී
ඒ අතර
මීඳුම් පටල අතරින්
හිරු කිරණ නොවැටෙන තරම්
එය ඝණකමින් පිරී ඇත . ..
එහෙත් කොයි මොහොතකදී වුවත් ...
එය පරයා හිරු කිරණ
වලාපටලයන් තීරු තීරු වලට
ඉරා දමමින්
මීඳුමද පරදා ගලා ඒවී
මිහි මතට
බලාපොරොත්තුවද රැගෙමින්
පිනි ඉසී ඇති
ඇහැරෙන්නට වෙර දරන
පුංචි මල් පොහොට්ටු වෙත ....- pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]