යමුද ? මා එක්ක
විවිධ අරුමෝසම් වලින්
පිරුණ ලන්තයකට ,දැක්කද නිල් කැටේට දිලිසෙන
ඒ පුංචි විල
සමනල්ලුත් හරි හරියට පියාඹන
ඒ ඩේසි ලන්තේ ,පුංචි විල උඩින් යන්න තියෙන
පුංචි පාළමෙන් එගොඩ වෙමුද ?දැක්කද ? ලා රෝස මල් යායක්
සුවඳවත් කරලා
මුළු රෝස ලන්තෙම
රෝස යායෙන්දැක්කද අහසේ තියෙන
ලස්සන දේදුන්න
බිම දිගා වෙලා බලමුද ?
ඒ අහසෙ වළාකුළු වල ගමනඅහසේ පාටටම
කොක්කු රෑනක් පියාඹනවා
පෝලිමකට
අපිත් අත් අල්ලන් යමුද එයාලගෙ
හොර වැඩ අල්ලන්නදැක්කද ? අර
කම්මැළිකමේ ඇවිදින ඉබි හාමිව
දැක්කද ? අර
පුංචි හා පැටියගේ දාංගලයඅර තාරා අම්මා
පැටවු එක්ක යන විදිහ දැක්කද
අර දිය පාර දිගේ
ඉතින් තවත් යමුද ?
ලස්සන දකින්න
ඩිංගකට තවත් ලන්තයකට .- Pink panther
YOU ARE READING
LES PENSES ❥ 2 || Poem✔
Poetryහද තුළ පොදි බැදන් ඇති මාගේ සිත තුළ ඇති සිතිවිලි අකුරු කර ලියමි ...❥ ( Coverd by _Kim_Mithu ) Published - 2023.5.9 Finished - 2023.12.27 [ Don't copy my work ]