හෝස්‍යොක් NamJinලගෙ apartment එකට හවස 6ට විතර car එකෙන් ආවෙ ස්‍යොක්ජින්ට රෑට කන්න මොනා හරි ගෙනියන්න කියලා නම්ජුන් පණිවිඩේ දීපු නිසයි....
ගෙදර දොර ඇරන් ඇතුලට ආව හෝස්‍යොක් අතේ තිබ්බ කෑම කවර ටික කුස්සියෙ මේසෙන් තියලා ස්‍යොක්ජින්ට කතාකළා....
🐴 = ජින්... උඹ නිදිද??
හෝස්‍යොක් එහෙම්මම මෙයාලගෙ කාමරේ දොර ගාව නැවතිලා අහද්දි කිසි සද්දයක් නැති නිසා හිතුවෙම ස්‍යොක්ජින් නිදි ඇති කියලයි....
ඒත් නම්ජුන් කිව්ව විදියට අනිවාර්යයෙන්ම ස්‍යොක්ජින් මේ වෙලාවෙ පොතක් බල බල ඇති කිව්ව නිසා හෝස්‍යොක් දොරට තට්ටු කලා....
තට්ටු කරද්දි දොර නිකන්ම ඇරිලා යද්දි, හෝස්‍යොක්ගේ හිතට අමුතු බයක් ඇති නොවුනාම නෙවෙයි....
හෙමින් සීරුවේ ඇතුලට ආව හෝස්‍යොක් ආව ගමන් දැක්ක දේ නිසා යටිගිරියෙන් කෑ ගැහිලා පස්සට විසික් වුණා....
ස්‍යොක්ජින් නහයින් කටින් ලේ දාගෙන, ලේ තැවරුණු බිගෝනියා මල් වටේ තියෙද්දි, සිහිය නැතුව වැටිලා හිටියා....
තප්පර ගාණක් ඇතුලත පියවි සිහියට ආව හෝස්‍යොක් පැනපු ගමන් පැත්තට වැටිලා හිටිය ස්‍යොක්ජින් තමන්ගෙ පැත්තට හරවගත්තෙ අඬාගෙනමයි....
🐴 = ජින්... අනේ ජින්...
නැගිටපන්...
උඹට මොකද උනේ??
කතා කරපන් ස්‍යොක්ජිනා....ස්‍යොක්ජින්ගේ මූණට තට්ටු කර හෝස්‍යොක් කතා කළා....
පැත්තට වැටිලා නිසා පිටවුණු ලේ මූණෙ පැත්තක් එක්ක කොණ්ඩෙ පුරාම තැවරිලා තිබ්බා....හෝස්‍යොක්ට හීන් දාඩිය දැම්මේ වටේ තිබ්බ බිගෝනියා මල් දැකලයි....
තමන්ගෙ හිතට ආව සැකේ ඇත්ත වෙන්න එපා කියලා හිතන ගමන් හෝස්‍යොක් ස්‍යොක්ජින්ව අත් දෙකට උස්සගත්තෙ පුලුවන් ඉක්මණට hospital එකට අරන් යන්නයි....කොණ්ඩෙ පෙඟිලා තිබ්බ ලේ බිංදු බිංදු එන මගට වැටෙද්දි හෝස්‍යොක් ඉක්මණටම ස්‍යොක්ජින්ව car එකේ passenger sheat එකේ හාන්සි කරවලා driving sheat එකට නැගගත්තා....
Car එක start කරන්න හදද්දි sheat belts දාගන්න warning bell එක කෑගහන්න ගත්තා....
YOU ARE READING
My Beloved Begonia🌺🌺
Romance" please ඇයි අපිට බැරි එයාට තව අවස්ථාවක් දෙන්න?? " " නෑ.. මට ඕනෙ නෑ මගෙ ආදරේ උදුරගත්තු මිනිහෙක්ට ආදරේ කරන්න... සතුටු වෙන්න මන් එයාට වෛර නොකර එක ගැන... " not just another Hanahaki story...