🐨 = හෝස්‍යොකා මගේ ජිනී කෝ???
නම්ජුන් කෑගහන් හෝස්‍යොක් ගාවට එද්දි දැක්කෙ හෝස්‍යොක්ගේ ඇඟ පුරාම තියෙන ලේ....
බයෙන් ගල්ගැහුණු නම්ජුන් හෝස්‍යොක් දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ICU එකේ දොරේ ඇතුල පේන කවුලුවෙන් බැලුවා....නම්ජුන් දැක්කෙ ලස්සන දර්ශණයක් නම් නෙවෙයි....
ස්‍යොක්ජින් machines ගොඩක් මැද සිහිනැතුව ඇඳක් උඩ වැතිරිලා හිටියා....
Oxygen දෙන බටේ නහය ඇතුලෙන් ගිහින් තියෙද්දි කට භාගෙට ඇරන් හුස්ම අල්ලගන්න ස්‍යොක්ජින් ලොකු සටනක් දෙනවා....
වැහිලා තියෙන ඇස් වලින් කඳුළු බේරෙද්දි අත් දෙකේම කටු ගහලා තිබ්බා....
කැනියුලා ගහපු තැනින් nurse කෙනෙක් බෙහෙත් එකක් inject කරද්දි ස්‍යොක්ජින් වේදනාවට පපුවෙන් ඉස්සිලා කෙඳිරි ගෑවත්, ටිකකින් ඇඳට කඩන් වැටුණා....
Doctorsලා කළබල වෙලා ඇතුලෙ එහෙ මෙහෙ යන්න අරන්....
වම් අතේ වැළමිට ගාවින් ගහපු කට්ටකින් සේලයින් දෙද්දි, දකුණු අතේ වැළමිට ගාවින් ලේ දෙන බටයක් ගහපු කට්ටක් තිබ්බා....
ස්‍යොක්ජින් එකපාරටම කහින්න පටන් ගත්තම doctorsලා ගොඩක් කළබල උනා....
කටින් ලේ දදා කහින ස්‍යොක්ජින්ට එක doctor කෙනෙක් කිට්ටුවෙලා ඇඟිලි දෙකක් කටට දාලා උගුරෙ හිරවෙලා තිබ්බ බිගෝනියා මලක් එලියට ගත්තා....
මල ගනිද්දිම ස්‍යොක්ජින් කෙඳිරි ගාන්න ගත්තම අර මල ළඟ තිබ්බ ට්‍රේ එකකට දාපු doctor අතේ ගෑවිච්ච ලේ පිහිද ගනිද්දි ICU එකේ කවුලුව ඇතුලෙන් වැහුණා....
එතකොටත් නම්ජුන් දකින්න ඕනා ගොඩක් දේවල් දැකලා ඉවරයි....
දොර කවුලුව වැහිලා ගියත් තාමත් ඒ විදියටම නම්ජුන් බලන් හිටියෙ ඇතිවුන කම්පනය දරාගන්න බැරුවයි....
🐴 = මං උඹට කිව්වා...
උඹ ඇහුවෙ නෑ....
ස්‍යොක්ජින් උඹට ආදරේ කරනවා කියලා දැන දැනත් උඹ නොදන්න ගානට හිටියා....
අන්තිමට...
අන්තිමට ඒ අහිංසකයා ජීවත් වෙවී මැරෙනවා...
උඹ නිසා...
අපි නිසා....
YOU ARE READING
My Beloved Begonia🌺🌺
Romansa" please ඇයි අපිට බැරි එයාට තව අවස්ථාවක් දෙන්න?? " " නෑ.. මට ඕනෙ නෑ මගෙ ආදරේ උදුරගත්තු මිනිහෙක්ට ආදරේ කරන්න... සතුටු වෙන්න මන් එයාට වෛර නොකර එක ගැන... " not just another Hanahaki story...