11

57 11 39
                                    




දවල් දොලහට විතර නම්ජුන්ගේ phone එකේ alarm එක වදිද්දි නම්ජුන් ගැස්සිලා ඇහැරුණා...
ලැබිච්ච පොඩි නින්ද නිසා ටිකක් විතර සහනයක් නම්ජුන්ට දැනුණා...
Alarm එකත් off කරලා නම්ජුන් බැලුවෙ ස්‍යොක්ජින් දිහායි...
එයා තාමත් ඇස් පියන් ඉන්නවා...


🐨 = ජිනී...
ජිනී wake up...
ඔයාට දැන් බොන්න බෙහෙත් තියෙනවා....



නම්ජුන් කතා කරද්දි ස්‍යොක්ජින් යන්තම් ඇස් ඇරලා බැලුවා...
එයා හිටියෙ නින්දෙ නෙවෙයි කියලා නම්ජුන්ට තේරුණා...
නම්ජුන් එක්ක ස්‍යොක්ජින් ලාවට හිනා වුනේ ඇස් අඩවන් කර ගෙනමයි...



🐹 = නම්ජුන්...
මට ඇඟට පණ නෑ වගේනේ...

🐨 = ආ... ඒ කාලා නැති නිසා වෙන්න ඇති...
අනික බෙහෙත් සැරයි කියලා doctor කිව්වා...
ඉන්නකො අපි මොනා හරි බඩ පිරෙන්න කමු...
එතකොට ඔය පණ නැති ගතිය ඇරිලා යාවි... ම්ම්ම්??



ස්‍යොක්ජින්ගේ අතත් අත ගාගෙනම නම්ජුන් නැගිටලා drover එක ඇරලා බෙහෙත් ටික බලද්දියි දැක්කෙ, drover එක උඩ තිබ්බ බිගෝනියා මල් bocce එක එතන vase එකකට දාලා තියෙනවා කියලා....
ටික වෙලාවක් යනකන් නම්ජුන් මල් දිහා ඔහේ බලන් හිටියා....

නම්ජුන් කැමතිම මල් ජාතිය වුනේ බිගෝනියා....
ඒත් දැන් බිගෝනියා තමා නම්ජුන් දකින්න වැඩිපුරම අකමැති මල් ජාතිය වුණෙත්....
නම්ජුන් එක පාරක් ඇස් දෙකටම දැක්කා ස්‍යොක්ජින්ගේ කටින් ලේත් එක්ක බිගෝනියා මලක් එලියට ගත්ත හැටි....
ඒ වෙලාවෙ ස්‍යොක්ජින් විඳවපු තරම නම්ජුන් ඕනාවටත් වඩා දැක්කා....
බිගෝනියා මල් මතක් කලත් නම්ජුන්ට තමන් ගැනම අප්පිරියාවක් තරහක් ඇති වුණා....

Drover එක උඩ තිබ්බ බිගෝනියා මල් ටික අල්ලලා ඈතට විසික් කරලා දාන්න තරම් ආවේගයක් නම්ජුන්ට ඇති වුණත්, එයා සද්ද නොකර බර හුස්මක් පහලට දාලා ආයිත් බෙහෙත් පෙට්ටිය අවුස්සන්න ගත්තෙ කාරණා කිහිපයක් නිසයි....

එකක් වුණේ ඒ මල් ඕන කලේ ස්‍යොක්ජින්ට වෙච්චි එක....

දෙක, හෝස්‍යොක් ස්‍යොක්ජින්ගේ උපන්දිනේට එව්ව තෑග්ගක් විදියට ඒක එව්වා කියලා පුංචි note එකක් තියෙනවා නම්ජුන් දැක්කා....

My Beloved Begonia🌺🌺Where stories live. Discover now