👨🏫 = මේ දේවල් සිද්ධ වුනේ මීට අවුරුදු හැට අටකට විතර කලිනුයි....
මගේ ඔම්මා ජපන් ජාතිකයෙක්....
එයා ඒ කාලේ කොරියාව අල්ලන් හිටිය major කෙනෙක්ගෙ දුවෙක්....
මං ඒ අය ගැන ඔයාට කියන්න යන්නෙ නෑ....ඔම්මා ජපානෙ ඉඳන් කොරියාවට ආවෙ එයාගෙ පවුලෙ අයත් එක්කයි....
මගේ ඔම්මා ගොඩක් educated කෙනෙක්....
දෙවෙනි ලෝක යුද්දෙට කලින් ඉඳන්ම ජපන් රජය කොරියාව අල්ලන් මෙහෙ ඉන්න මිනිස්සුට වද හිංසා දීපු එක මගේ ඔම්මා එක හෙලාම reject කලා....
මගෙ ඔම්මගෙ අප්පා, ඒ කියන්නෙ මගේ හරබොජි, එයා මිනිස්සුන්ට වද දීලා සතුටු වෙද්දි, මගේ ඔම්මා හොරෙන් ඒ මිනිස්සුන්ට උදව් කලා....ඒ කාලේ හරබොජිගේ ගෙදර වැඩකාර කමට මිනිස්සු කීප දෙනෙක්ම හිටියා....
එයින් එක්කෙනෙක් තමා ක්වොංශින් කියලා කියන්නේ....එයා හරබොජිගෙ ගෙදර වැඩකාරකමට ඇවිත් තියෙන්නෙ එයාගෙ අප්පා අපේ හරබොජිගෙන් ගත්තු ණයකට හිල්ව් වෙන්නලු....
හරබොජි ක්වොංශින්ට ගොඩක් අකාරුණික වෙලා තියෙනවා....
මොකද එයාගෙ ඔම්මා එයා ඉපදෙද්දිම මැරිලා නිසා කාලකණ්ණියෙක් කියලයි සැළකුවේ....මගේ ඔම්මාට ක්වොංශින් ගැන ලොකු අනුකම්පාවක් ඇතිවෙලා තියෙනවා....
සමහර දාට ක්වොංශින්ට කන්න නැති දවස් ඇවිත් තියෙනවා....
අනික ක්වොංශින්ට සහෝදරියක් හිටියලු...
ඉතින් එයාව බලාගන්න උනෙත් ක්වොංශින්ටමයි...එදාට මගෙ ඔම්මා ක්වොංශින්ට කන්න කෑම හොරෙන් දීලා තියෙනවා....
ඉතින් එයාලා ගොඩක් හිතවත් වෙලා තියෙනවා ඒකෙන්....කාලයක් යද්දි ඒ හිතවත් කම යාලුකමකට පෙරලිලා, පස්සෙ කාලෙකදි ඒ යාලුකම ආදරේකට පෙරලිලා තියෙනවා....
මගෙ ඔම්මා ක්වොංශින්ට මහ ගොඩක් ආදරේ කරලා තිබ්බා....
ඒත් එයා ඊට වඩා මගෙ හරබොජිට බය වෙලා තිබ්බා....
ඒ නිසා ඔම්මා පරිස්සම් වෙලා තිබ්බා තමන්ගෙ හැඟීම් අනුන් ඉස්සරහ් හංගන් ඉන්න....
YOU ARE READING
My Beloved Begonia🌺🌺
רומנטיקה" please ඇයි අපිට බැරි එයාට තව අවස්ථාවක් දෙන්න?? " " නෑ.. මට ඕනෙ නෑ මගෙ ආදරේ උදුරගත්තු මිනිහෙක්ට ආදරේ කරන්න... සතුටු වෙන්න මන් එයාට වෛර නොකර එක ගැන... " not just another Hanahaki story...