14

57 8 3
                                    



Professor හන්ට call කරලා hospital එකට ගෙන්න ගන්නකන් Dr. Si Chan හෝස්‍යොක් ගාවින් අඟලක්වත් හෙලවුනේ නෑ...

හෝස්‍යොක් හිටියෙ අඬාගන්න බැරුවයි...




මනුස්සයෙක් තමන්ගෙ හිතේ හිර වෙලා තියෙන දුක වේදනාව මොනම හරි ක්‍රමයකින් පිට කරලා දාන්න ඕනා...
ඒකට තියෙන සරලම වගේම වඩාත් ඵලදායී ක්‍රමය වුනේ අඬන එකයි...
නමුත් ගැහැනුන්ට සාපේක්ෂව පිරිමි අඬනවා හොරයි...
ඒ එයාලගෙ හිතේවත් මනසෙවත් ප්‍රශ්නයක් නිසා නම් නෙවෙයි...
ඒක තමා පිරිමින්ගෙ ස්වභාවය...
පිරිමියෙක් අඬන්නේ වාවගන්න බැරිම වුනාමයි...
ඒත් අඬාගන්නත් බැරි තරම් ලොකු වේදනාවක් දුකක් හිතට දැනුනම ගැහැණු පිරිමි භේදයක් නැතුවම එයාලා වැටෙනවා, මනසින්...
දුකක් කෙළවර තමන්ගෙ ජීවිතේ නැති කරගන්නේ, තමන්ටම රිද්ද ගන්නේ, තමන්ගෙ දුක අනුන් පිටින් යවන්න උත්සහ කරන්නේ අන්න ඒ වගේ මිනිස්සුයි...

සත්තු වගේ මිනිස්සු මේ ලෝකෙට බිහිවෙන්නෙ අකාලේ නෙවෙයි...
Depression තත්ව, suicide තත්ව, harmful මානසිකත්වය, psycho මානසිකත්වය, dark and cold personality එක කියන මනෝභාවයන් මිනිස්සු තුල ඉපදෙන්නෙ එහෙමයි....
එහෙව් මිනිස්සුන්ව සමාජෙන් දුර්වලයො, කරදරකාරයො, අසහනකාරයො, සමාජ පිළිල කියන position එකට දාලා treat කරන එක සම්පූර්ණ වැරදියි....
සමාජය විසින්මයි එහෙව් මිනිස්සුන්ව බිහි කරන්නේ....
ඒක නවත්තගන්න තියෙන හොඳම ක්‍රමය වෙන්නෙ යහපත් සන්නිවේදනයයි....
අවබෝධයෙන් එකිනෙකාට ඇහුම්කන් දීමෙන්, එකිනෙකාගෙ චිත්තවේග තේරුම් ගන්න උත්සහ කිරීමෙන්, එකිනෙකා වෙනුවෙන් හඬ නැගීමෙන්, එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමෙන් අපි එයාලට හයියක් වගේම හව්හරනක් වෙනවා....
තමන් මේ ලෝකෙ තනිවෙලා නෑය, තමන් අසරණ වෙලාය කියන හැඟීම එයාලගෙන් අයින් කරන්න පුලුවන් වෙනවා....

ඒකට එකිනෙකා එක්ක මූණට මූණ බලලා කතා කරන්නම ඕන නෑ....
හදවතින්ම දෙන පිරිසිඳු හිනාවකට පුලුවන් බිඳුණු හිතක් සනීප කරන්න....
උරහිසට තට්ටුවක් දාන එක, අත අල්ලන් කතා කරන එක, ඔලුව අත ගාන එක වගේ පුංචි පුංචි උණුසුම් ස්පර්ශ කිරීම් වලින් පුලුවන් තුවාල වුණු හිත්වල වේදනාව අඩු කරන්න....
උණුසුම් වැළඳගැනීම්, ආදරණීය ස්පර්ශයන් වගේම සුහදශීලී වචන වලින් පුලුවන් පෑරුණු ආත්මයන් සනීප කරන්න....



























My Beloved Begonia🌺🌺Where stories live. Discover now