Next day...
නම්ජුන් doctor එක්ක කතා කරන්න ගිහින් විනාඩි දහයක් විතර වුනා....
ස්‍යොක්ජින්ගේ තත්වය ගැන චුට්ට වෙලාවක් කරපු කතාව දිගට ඇදුන නිසයි නම්ජුන් එතන රැඳුනේ...🧑⚕ = Mr. Namjoon එයාට දැන්ම ඇත්ත කියන්නෙ නැද්ද එතකොට??
🐨 = නෑ doctor...
මට ඒකට හිත හයිය කරගන්න බෑ...
ඒ ඇස් දිහා බලන් ඒ වගේ දෙයක් කියන්න තරම් මම හිත හයිය මනුස්සයෙක් නෙවෙයි...
කොහොමද මම කියන්නෙ මට ආදරේ කරපු වරදට එයාගෙ ඇඟ ඇතුලෙ පැළයක් වැඩෙන්න ඇරලා ඒකෙන්ම එයාව මරු කටට යැවෙන්න හැදුවා කියලා...
අනික මට එකපාරටම කියන්න බෑ අපි පැළේ අයින් කලා කියලා...🧑⚕ = මට Mr. Namjoonව තේරෙනවා...
මගේ job time එකේදි මුණ ගැහුනු තුන්වෙනි හනහකි patient තමා කිම් ස්‍යොක්ජින් කියන්නේ...පළවෙනියා girl කෙනෙක්...
එයාගෙත් chest pain එකක් කියලා check කලාමයි හනහකි කියලා හොයාගත්තේ...
එයාගෙ වැඩිලා තිබ්බේ කානේශන් පැළයක්...
ගහේ කොල ටිකක් උල් නිසාත්, මල් සාමාන්‍යයෙන් ලොකු නිසාත් එයා ලොකු වේදනාවක් වින්දා...
ඒ ගෑණු ළමයට ඕන වුනේ පැළේ එක්කම මැරිලා යන්නයි...
මොකද ඒ දරුවගෙ lover ඒ වෙද්දිත් කොරියාවෙන් පිට ගිහිල්ලා හිටියෙ එයාව දාලා...ඒත් දරුවගෙ දෙමව්පියෝ මැදිහත් වෙලා බලෙන් පැළේ අයින් කරපු නිසා දරුවා අදටත් ජීවත් වෙනවා...
නමුත් දෙමව්පියන්ගෙ ඈත් වෙලා වෙන රටක ජීවත් වෙනවා කියලයි දැන් නම් ආරංචිය..අනිත් කෙනා ස්‍යොක්ජින්ට වඩා අවුරුදු තුනකින් විතර බාල කොල්ලෙක්...
එයාව අරන් ඇවිල්ලා තියෙන්නෙ එයාගෙ යාලුවොමයි...
එයාගෙ ඇතුලෙ වැඩුනේ කලු රෝස පැළයක්... ඒක සාමාන්‍යයෙන් දුර්ලභ දෙයක්...
ඒ දරුවා බොහොම බරපතල විදියට ආදරෙන් පැරදිච්ච කොල්ලෙක්...
සල්ලිකාර අහංකාර කෙල්ලෙගෙ පස්සෙන් ගිය කෙනෙක් එයා...
රෝස පැළයක් නිසා එයා නොසෑහෙන්න විඳෙව්වා...මීට මාස පහකට විතර කලින් ඒ දරුවා නැතිවෙලා මේ hospital එකටමයි අරන් ආවේ...
එයා මැරුණට එයාගෙ රෝස පැලේ නම් හොඳින් තිබ්බා...
පස්සෙ එයාගෙ හොඳම යාලුවා ඒක අරන් ගියා...
YOU ARE READING
My Beloved Begonia🌺🌺
Любовные романы" please ඇයි අපිට බැරි එයාට තව අවස්ථාවක් දෙන්න?? " " නෑ.. මට ඕනෙ නෑ මගෙ ආදරේ උදුරගත්තු මිනිහෙක්ට ආදරේ කරන්න... සතුටු වෙන්න මන් එයාට වෛර නොකර එක ගැන... " not just another Hanahaki story...