28

49 11 4
                                    





💚 ඊටපස්සෙ අවුරුදු ගාණක් යනකන් මට ඒ දරුවා ගැන අමුතු ආරංචි නම් ලැබුන්නෑ...
මුල් කාලෙදි ගමේ මිනිස්සු පියතුමාට ටිකක් දොස් කියලා තියෙනවා ආතක් පාතක් නැති ලමෙක් පල්ලිය අස්සෙ දාන් ඉන්නවාය කියලා...
ඒත් අපේ මැතියස් පියතුමා ඔය වචන වලින් සැලෙන මනුස්ස පුතෙක් නෙවෙයි නිසා ඉවසන් ඉඳියා...
කටකතාත් ඉබේම යට ගැහුනා...

ආයිත් ටික කාලෙකිම් ඔය කියන මැරයගෙ මිනියත් මේ hospital එකේ mortuary එකේ කාලයක් සීතලේ මිදිලා තිබ්බා...
පස්සෙ රෝහල් කාර්‍යමණ්ඩලේ එකතුවෙලා අවසානෙට එකතුවෙන නාඳුනන මළසිරුරු එක්කම ඒ මිනියත් ආදාහනය කලා...

හැමදේම හුඟක් සාමකාමී විදියට ගෙවුනෙ දරුවො...
ඒත්...
එක රැයකින් ඒ සාමකාමී බව ආයිමත් පෑල දොරින් පැනලා ගියා...







🐹 ඩ්..ඩොක්ටර්??



💚 ඒ මීට අවුරුදු 22කට විතර කලින් නත්තල් දා මැදියම...
නත්තලට උනත් මම hospital එකේ duty වල හිටියෙ...
මුලු ගමම වගේ හිටියෙ පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලයි...
ඉතින් ඒ වගේ මොහොතක අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතන්න කාටවත් පුළුවන් කමක් තිබ්බෙ නෑ...
නමුත්...

එකපාරටම hospital එක පැත්තට මහා ජන සේනාවක් කෑගහන් ආවා...
අපි බැලුවා ඇයි කියලා...

දරුවනේ...
ඔයාලගෙ යාලුවා...
ඒ දරුවව දෝතට වඩාගෙන අරන් ඉස්සරහින්ම දුවන් ආවෙ අපේ පියතුමා...
පියතුමාගෙ මුලු vestment එකම ලෙයින් පෙඟිලා...
දරුවගෙ අතපය පහලට කඩන් වැටිලා තිබ්බ විදියට ඒ ඇඟේ හුස්ම වැටෙනවද කියලා මට ඒ වෙලාවෙ ලොකු සැකයක් පවා ආවා...






වෛද්‍යවරයගෙ ඒ වචන හෝස්‍යොක්ටයි ස්‍යොක්ජින්ටයි ගෙනාවෙ බලවත් කම්පනයක්...
මුලු cabin එකම දරුණු නිශ්ශබ්දතාවයක් පැතිරුනා...








💚 දරුවට දරාගන්න බැරි ලොකු මානසික කම්පනයක් ඇවිත් තියෙනවා මුලින්...

පස්සෙ මොකක් හරි වාහනේක වැදිලා විසිවෙලා වගේ ශාරීරික කම්පනයක් වෙලා තියෙනවා...
වාහනේ වැදුන එකෙන් නම් දරුවට තුවාල මුකුත් වෙලා නෑ...
ඒත්...
විසිවෙලා බිම වැදුන පාර දරුවගේ හෘද වස්තුවට හානිවෙලා තියෙනවා...
වැදිලා තියෙන්නෙ පපුව...
ඔලුවටත් සුලු සීරුම් තුවාලයක් සිද්ධ වෙලා තිබ්බා...

My Beloved Begonia🌺🌺Where stories live. Discover now