|21|

1.5K 256 124
                                    

ටිකෙන් ටික දවස් ගෙවිලා ගියා.. එදා හිටපු හැමෝම නෙවෙයි මේ වෙනකොට හිටියේ..

ආදරේ කියන්නේ මොකක්ද කියලා වගේම ඒක දැනෙන්නේ කොහොමද කියලා දැන ගන්න මිනිස්සුන්ට කල් ඕන.. ඒ වගේම බැදීම් කියන්නෙ මොනවද වගේද ඒවා දැනෙන්නේ කොහොමද කියලා දැනගන්න මිනිස්සුන්ට හැගීම් ඕන....ඒ එක දෙයක්වත් නැතුව කිසිම සම්බන්ධයක් ඇති වෙන්නේ නෑ වගේම, එක අතකට විතරක් ඇති උන දේවල් හින්දා කොහෙත්ම සම්බන්ධයක් සම්පූර්න වෙන්නෙත් නැහැ.....

ජන්කුක් වෙනදා වගේම රෙස්ටොරන්ට් එකේ වැඩට ගියා ආවා.. ඒ වගේම තමන් හිටපු පුන්චි ගෙදරින් අයින් උනෙත් නෑ... අමාරුකම් අහස උසට තිබුනත් ලොකු දේවල් වෙනස් උනේ නෑ වගේම කිසිම පැත්තකින් පැහැදිලි කිරීම් තිබ්බෙත් නෑ...

ජන්කුක් පාර දිගේ රෙස්ටොරන්ට් එකෙන් එලියට ඇවිත් වෙනදා යන පාරේ නොයා ටවුන් එක පැත්තට ඇවිදගෙන ගියා... ජන්කුක්ගේ කුස දැන් ටිකක් ඉස්සරහට නෙරලා තිබ්බ හින්දා ටී ශර්ට් එකට උඩින් ජැකට් එක්කුත් දාගෙනයි හිටියේ.. තවත් ටික දවසකින් මේක හන්ගන්න බැරි වෙන හින්දා ඒ වෙනකොට මොනා කරන්නද කියලා ජන්කුක් දැනන් හිටියේ නෑ...

පේමන්ට් එක දිගේ ඇවිත් මාකට් එක ඇතුලට ගිය ජන්කුක් ගෙදරට ඕන කෑම බඩු , එලවලු වගේම කන්න පුලුවන් කියලා හිතුනු පලතුරු ටිකක් අරගෙන මිල්ක් ස්ටෝර් එක්කින් කිරි බෝතල් වගේම, බේකරි එක්කින් පාන් අරගෙන ආයෙත් ජන්කුක් එන්න හැරුනා...ආසාවටම ගත්තු චොක්ලට් ටොපියකුත් කොලේ දිගෑරලා කටට දාගෙන ඒක සූප්පු කරන ගමන් ජන්කුක් සුපුරුදු පාරට බඩු ටිකත් උස්සගෙන ආවා...

ටිකක් හවස් වෙලා තියනකොට වෙනදා තරම් රෑ වෙලා නොතිබ්බ හින්දා ජන්කුක් බය නැතුව ඉස්සරහට ගියේ හෙමින්.. මොකද බඩු මල්ල හින්දා ජන්කුක්ට හරි ඉක්මනට වෙහෙසක් දැනෙනකොට ජන්කුක් හෙමින් හෙමින් ඉස්සරහට ගියා....

හැබැයි වැඩි දුර යන්න හම්බුන් නෑ පිටිපස්සෙන් වාහනයක් නවත්තපු සද්දෙට ජන්කුක් හැරෙන්නෙවත් නැතුව හුස්මක් පාතට දැම්මා... මොකද ජන්කුක්ට ඒ තරම් මේ සද්දෙ හුරු වෙලා තිබ්බේ... ඒත් එක්කම සපත්තු අඩි සද්දෙ ඇහෙනකොට ජන්කුක් ගානකටවත් ගන්නේ නැතුව ඉස්සරහට ගියා...

• 𝐖𝐡𝐲 𝐇𝐢𝐦....¡ •  ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now