"මේක මේ විටමින් වර්ග ටිකක්... මේ කිරි එක නම් ඇගට හොදයි කැල්සියම් අස්ති හැදෙන්න එහෙම... කාගෙද මේ..උබ මොකටද මේවා බොන්නේ...."
බෙහෙත් ලියපු කොලේ අතේ ගුලි කරන් ටේහ්යොන්ග් සැනසුම් සුසුම් හෙලුවේ ලොකු ලෙඩක් ගැන ඒකෙන් කියවුන් නැති හින්දා....
ජන්කුක් ඇවිදන් ගිය දිහාම බලන් හිටිය ටේහ්යොන්ග් ආයෙත් ෆාමසි එක ඇතුලට ගිහින් බෙහෙත් එක ඉල්ලගත්තු ලේඩිට හිනා වෙලා කතා කරා..
"ඉස්සල්ල ගිය කෙනා මේ ටික ඔක්කොම ගත්තද..."
සෙඩියුස් වොයිස් එක්කින් ටේහ්යොන්ග් ඇහුවම කවුන්ටර් එක පිටිපස්සෙ හිටපු ලේඩි නිකන්ම ටේහ්යොන්ග් දිහාට ඇවිදන් ආවා...
"ඔක්කොම නම් ගත්තෙ නෑ මිස්ටර්... මේ බෙහෙත් ටික ගත්තා, මිල්ක් පවුඩර් එක ගත්තේ නෑ..."
"ඇයි ඒ..."
"මිස්ටර් මොකටද එයා ගැන අහන්නේ.. මන් මේ කොලේ දුන්නට අපිට එහෙම විස්තර පිට දෙන්න තහනම්..."
හිනා වෙලා ලේඩිව තමන්ගේ පැත්තට නම්මගත්තත් ඇස් කොනින්වත් ලගට ආවත් බලන් නැති ටේහ්යොන්ග් දිහා බලන් නොරිස්සන කට හඩකින් ලේඩි ඇහුවම ටේහ්යොන්ග් එක අතකින් කොන්ඩේ පිටිපස්සට කරන ගමන් ඇහි බැමක් ඉස්සුවා...
"කීයටද ෆාමසි එක වහන්නේ...."
හීනි කටහඩකින් ටේහ්යොන්ග් ඇහුවාම ලේඩිගේ ඇස් දෙක දිලිසුනා...
"ම්ම්..අපි හතට වගේ ක්ලෝස් කරනවා... මිල්ක් පව්ඩර් එක ටිකක් ප්රයිස් එක වැඩියි.. පස්සෙ ගන්නම් කියලා ඒ බෝයි ගියා...."
ටේහ්යොන්ගේ පපුවේ පැත්තකට හෙනයක් ගැහුවා වගේ දැනුනා...
ටේහ්යොන්ග් හරි හේතුවක් නොදන්නවා උනත් ටේහ්යොන්ග් දන්නවා ජන්කුක් මෙහෙම මැන්ශන් එකෙන් ආවේ තමන් හින්දා කියලා... ඒත් ටේහ්යොන්ග් කෝමද අමතක කරන්නේ ජන්කුක් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා...
"මට ඒක දෙන්න... දෙකක් දෙන්න...."
ටේහ්යොන්ග් ඒ දෙක අරන් බිල් එක පේ කරලා ලේඩිට ඇහැක් ගහලා ෆාමසි එකෙන් එලියට ආවේ ලේඩි තොල් කොනකුත් හපන් ආසාවෙන් ටේහ්යොන්ග් දිහා බලන් ඉන්නකොට....

YOU ARE READING
• 𝑾𝒉𝒚 𝑯𝒊𝒎....¡ • | 𝐓𝐊 | ᶜᵒᵐᵖˡᵉᵗᵉ
Fanfictionඅවසානය කුමක් වුවත්... කී ලෙස කුමක් වුවත්... ඔහුයි විසඳුම සහ ගැටලුව... ඇයි ඔහුම.........«------• • 🇼 🇭 🇾 🇭 🇮 🇲 ...¡• ___________________𝑫𝒂𝒓𝒌_𝑺𝒖𝒏𝒔𝒉𝒊𝒏𝒆𝒓🤍🥀 °• Contains Mature parts.. ▪︎• 𝑀𝑝𝑟𝑒𝑔.... Top...