යූල්ගේ හිනාව කාමරෙන් එලියටත් ඇහෙනකොට ටේහ්යොන්ග් හොස්පිටල් රූම් එක ඇතුලට ගියා.. ඒ වෙනකොටත් නැගිටලා ඇදේ එරමිනියා ගිතන් හිටපු යූල් ජන්කුක් කියන මොනවට හරි මහ හයියෙන් හිනා වෙන ගමන් කවන කවන කට කනවා... යූල්ට තිබ්බේ පොඩි ශොක් එකක් විතරයි ඉතින් නැගිට්ටම යූල්ට එච්චර බලපෑමක් ඇවිත් තිබ්බේ නෑ..
යූල්ට කවාගන්න කොච්චර අමාරුද කියලා ටේහ්යොන්ග් ඇස් දෙකෙන්ම දැකලා තියන්වා.. රියා පුදුම නාඩගමක් නටලා තමයි යූල්ට කවාගන්නේ... ඒම වෙලාවට ටේහ්යොන්ග්ව දැක්කම ගිහින් ටේහ්යොන්ගේ කකුල් දෙක අස්සේ හැංගෙන්නත් කොල්ලා අමතක කරේ නෑ.. ඒ උනාට අද නම් යූල්ගේ කට හොදට වැඩ.. මොනවා හරි කෑම එකක් පොඩි බෝල් එක්කට දාන ජන්කුක් ඇදෙන් වාඩි වෙලා මොනවදෝ කිය කිය කවනවා.. අර කතාවේ සිහියෙන් දික් කරන් දික් කරන හැන්දට යූල් කට අරිනකොට ජන්කුක් පට ගාලා කවලා කට පිහදානවා..
හරි ලස්සන දර්ශනයක්නේ.. ටේහ්යොන්ග් දොරත් හෙමින් වහලා දාලා අතේ තිබ්බ බෑග් එකත් අරන් ඇද ගාවට ඇවිද්න ආවා..
"ඩඩාආආආ......"
ටේහ්යොන්ග්ව දැක්ක හැටියේ යූල් කෑ ගහලා දඩි බිඩියේ ඇද උඩම දන ගහන් ටේහ්යොන්ගේ පැත්තට හැරෙනකොට ජන්කුක් බෝල් එක ඔඩොක්කො තියන් යූල්ව අල්ලගත්තා..මොකද අතට කැනියුලා එකක් ගහලා හින්දා ඒක පෑරෙයි කියලා...
"මගේ යූල් නැගිට්ටද... දැන් කොහොමද..."
"අයි ඒ ඩඩා කෝමද අහල්ලේ..යූල් බබාට මුකුත් උන් නෑනේ..."
යූල් එහෙම කියනකොට ජන්කුක් ටේහ්යොන්ග්ට රවන්න පුලුවන් හොදම එකෙන් රැව්වා.. මේ මිනිහා නම් ජීවිතේට ලමයෙක් හුරතල් කරන්න දැනගන්න එකක් නෑ... ජන්කුක් රවන ගමන් හිතුවම ජන්කුක්ගේ රැවිල්ලට ටේහ්යොන්ග් ඔලුවත් කහ ගත්තා...
"ඒකනේ යූල් ස්ට්රෝන්ග්නේ... බලන්නකෝ ඩඩා මොනාද යූල්ට ගෙනාවේ කියලා..."
"යේ..ෆෘත් ජූස්නේ....."
"ඕක කාලා මේක බොමු කෝ මොනාද යූල් කන්නේ..."
ටේහ්යොන්ග් ඇදේ අනිත් පැත්තන් වාඩි වෙන ගමන් ජූස් කප් මේසේ උඩින් තිබ්බම යූල් පටස් ගාලා ටේහ්යොන්ගේ ඔඩොක්කෙට පැන්නා...

YOU ARE READING
• 𝐖𝐡𝐲 𝐇𝐢𝐦....¡ • ᶜᵒᵐᵖˡᵉᵗᵉ
Fanficඅවසානය කුමක් වුවත්... කී ලෙස කුමක් වුවත්... ඔහුයි විසඳුම සහ ගැටලුව... ඇයි ඔහුම.........«------• • 🇼 🇭 🇾 🇭 🇮 🇲 ...¡• ___________________𝑫𝒂𝒓𝒌_𝑺𝒖𝒏𝒔𝒉𝒊𝒏𝒆𝒓🤍🥀 °• Contains Mature parts.. ▪︎• 𝑀𝑝𝑟𝑒𝑔.... Top...