මඩකරියො දෙන්නෙක් වගෙ මඩයි වතුරයි නාපු නිසා ටේ ජිමින් ඩබල වොශ් දාන්න ගියා..පැය බාගෙක විතර වොශ් එකක් දාන් ජිමින් එද්දිත් ටේ තාම වොශ් කරන නිසා ජිමින් කිචන් එකට ගියෙ රෑට මොනා හරි හදන්න..ඒත් කිචන් එකට යන්නත් කලින් ටේගෙ phone එක vibrate වෙනවා ඇහුන නිසා ජිමින් ටේට ආපු කෝල් එක ආන්ස්වර් කරන්න හිතාගත්තා..
ඒත් ජිමින්ගෙ හිනාවෙන් පිරුණ මූන එක තප්පරෙන් නැති කරන්න ඒ කෝල් එක ගත්ත අයිතිකාරයට පුලුවන් උනා...
ඒත් මොකද්ද මන්දා හේතුවකට ජිමින් තීරණය කරා ඒ කෝල් එක ආන්ස්වර් කරන්න..
හෙලෝ ටේ බබා
එහා පැත්තෙත් තමන් අහන්න අකමැතිම කටහඬක් අහන්න ලැබෙද්දි ජිමින්ගෙ ඉවසීම නැතිවෙලාම ගියා..
බබා...මොකො මේ සද්ද නැත්තෙ ම්...පුදුම උනාද...
මොනාද පරයො උබ කියවන්නෙ..මෙහෙ පො*@#න්ට දෙන්න බබාලා නෑ...
හහ්..කව්ද මේ..
උබට මාව අමතක උනාට මට උබ වගේ බල්ලෙක්ව අමතක වෙන්නෑ...
ඔහ් හෝ මේ ජිමින් නෙ..ඉතින් ඉතින් කොහොමද...
උබ මගෙ සැපසනීප අහන්න කව්ද යකෝ..උබ ඇයි මේකට කෝල් ගත්තෙ ආ...උබ කෑලි කෑලි වෙන්නම කඩපු මගෙ අහින්සකයගෙ හිත තවත් රිද්දන්නද ආ කියපන්...
නෑ ජිමින්..නෑ...මගෙ අතින් උණ වැරැද්දට සමාවගන්න ඕනි..
හහ්..සමාව...ඒ වචනෙ තේරුමවත් තෝ දන්නවද...
ජිමින්...ප්ලීස්...මාව තේරුම් ගන්න..
අර අහිංසක හිත තේරුම් ගත්තෙ නැති උබ ගැන මට තේරුම් ගන්න ඕන්නෑ..කරුණාකරලා ආයෙ අපිට වද දෙන්නෙපා..
ප්ලීස් ජිමින් මට මගෙ ටේට කතා කරන්න ඕන..මං එයාට ආද...
හහ්..ආයෙ කියපන් බලන්න ඒක.. ආදරේ කියන දේ උබ වගෙ එකෙක්ට ගැලපෙන්නෑ බන්...
ජිමින් ප්ලීස්...
උබ එයාට ආදරේ හින්ද වෙන්නැති නේද තව එකෙක් තියාගෙන ඒ අහින්සකයට පේන්න රැඟුවෙ..
මම වැරදි ජිමින් මට තේරෙනවා...
නෑ උබට තේරෙන්නෑ..ඒ අහිංසකයා විදවපු තරම් උබ දන්නෑ..අඬල අඬලම ටේ නොකා නොබී දවස් කීයක් හිටියද..නින්දක් නැති තැන නිදි පෙති බිබී නිදාගත්තෙ...කාමරයක් ඇතුලට වෙලා ගෙදර අය එක්කවත් කතා නොකර මැරුණ මනුස්සයෙක් ගානට ඒ කොල්ලා හිටියෙ...අන්තිමේදී..අන්තිමේදි ඒ කොල්ලා නැවතුණේ ඩිප්රෙශන් හැදිලා..අදටත් දවසට කීපාරක් ඒ අහිංසකයා ඒව බොනවද...උබ නැති කරල ගියෙ එයාගෙ සතුට විතරක් නෙවෙයි එයාගෙ ජීවිතේම නැත්තටම නැති කරල ගියෙ..