Taehyung pov
ටේ කන්න එන්න ලමයෝ ඔතන හිටගෙන මොනාද කරන්නෙ...
ෆෝන් එකෙන් සුදූ එක්ක චැට් කර කර හිටපු මම ගැස්සුනේ ජින් හියුන් මට කන්න කතා කරපු නිසා....
ආ එන්නම් හියුන්....
ජින් හියුන් කන්න කතා කරපු නිසාම ewunwoo හියුන්ටත් රිප්ලයි නොකරම මම ෆෝන් එක සාක්කුවට දාන් කෑම මේසෙන් වාඩිවුනා...ඒකත් හරියටම ජන්ග්කුක් ඉස්සරහ...එතකොටයි මම දැක්කෙ මම දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලන් ඉන්න ජන්ග්කුක්ව...හුටා...මිනිහගෙ ඇඳුමක් නේ මම ඇඳන් ඉන්නෙ...මූ ඒකද මේ රවන්නෙ...ම්හ්ක්...මේ දරුවට ඇඳුමක් නැති නිසානෙ ඇන්දේ...රවන්න එපා ඉතින්...
ජන්ග්කුක්ටත් ගොබ්බ හිනාවක් දුන්න මම කෑම මේසෙට වාඩිවෙනවත් එක්කම මට කෝල් එකක් ආවේ සුදුහියුන්ගෙන්....දැන් ඉතින් මේක ගත්තෙ නැත්තං සති ගානක් මේක අල්ලන් පරල වෙයි..ජින් හියුන්ගෙ මල්ලි ජන්ග්කුක් කියල දැනගත්ත වෙලේ ඉඳන් මේ මනුස්පයා ඊරිසියාවෙ පැලෙනෝ...අනේ මන්දා අප්පා...
කල්පනා කර කර ඉද්දිම කෝල් එක කට් උන නිසා මම එහෙම්ම ෆෝන් එක සාක්කුවට දාගන්න හැදුවත් ආයෙම එයාගෙන් මැසේජ් එකක් ආවා....
ඇයි කෝල් එක උස්සන් නැත්තෙ..මම දැන් වීඩියෝ කෝල් එකක් ගන්නවා...ඒක ආන්ස්වර් කරන්න ටේහියුන්...
මලහත්තිහුම්තයි සුදුහියුන් මට ටේහියුන් කියන්නෙ මල පැන්නම...මේ දරුවා වැරැද්දක් කරේ නම් නෑ හැබයි...දැන් මම ඇඳන් ඉන්න ඇඳුම දැක්කොත් මීට වඩා පරල වෙයි..සැක්..
ටේහියුන් පුතේ කන්නැද්ද....
මෙච්චර වෙලා ගොබ්බයෙක් වගේ කල්පනා කර කර ඉදපු මට ජින් හියුන්ගෙ ඔම්මා කතාකරාමයි මතක් උනේ මෙතන තව මිනිස්සු ඉන්නවා කියල...
අහ් හරි ආන්ටි...
එහෙම්ම කෑම බෙදා ගන්න හැදුවත් සුදුහියුන්ගෙන් වීඩියෝ කෝල් එකක් එද්දි මම ඒකත් කට් කරේ කෑම කද්දි ඕක ආන්ස්වර් කරන්න බැරිනිසා..
ආයෙම හියුන් වීඩියො කෝල් එකක් ගද්දි ඒකත් මම කට් කරල දාල හියුන්ට මැසේජ් එකක් දැම්මා...