One week later...
අද තමයි ජන්ග්කුක්,යුන්ගි එයාලා අලුතින් ගත්ත අපාර්ට්මන්ට් එකට එන දවස..එයාලා කලින් නැවතිලා හිටපු අපාර්ට්මන්ට් එකෙන් හදිසියෙම යන්න උන නිසා තමයි එයාලට මේ අපාර්ට්මන්ට් එකට එන්න උනේ.
අලුත් අපාර්ට්මන්ට් එක එයාලට ඕන විදිහට ලෑස්ති කරන්න ඕන නිසා අද ඒ දෙන්නම යුනි ගියෙ නෑ...
මුලු දවසම අපාර්ට්මන්ට් එක එයාලා කැමති විදිහට වෙනස් කරගෙන එයාලගෙ බඩුත් පැක් කරල ඉවර කරපු යුන්කුක් ඩබල හවස වොශ් එකක් දාගෙන ජන්ග්කුක්ගෙ රූම් එකට වෙලා කතා කර කර හිටියා..එහෙම්මම මහන්සියටත් එක්ක දෙන්නටම ජන්ග්කුක්ගෙ room එකේ නින්ද ගියා..
සනීපෙට නිදාගෙන හිටපු යුන්කුක් ඩබලම ගැස්සිලා ඇහැරුනේ කව්රුහරි කෑගහනවා ඇහුන නිසා...
ආශ්..මොන හු*#@ද නිදා ගන්නවත් නෑනෙ..
ශිට් ඒකනෙ යුන්ගියා..යමන් බං එළියට ගිහින් බලමු මොකාද මේ කෑගහන්නෙ කියල..හරියට නිකන් ඒකාට කව්රුහරි fuck කරනවා වගේනේ කෑගහන්නෙ..
සිරා කතාව..යමන්..
එහෙම්ම බැල්කනියට ගිය යූන්කුක් දෙන්නා දැක්කෙ එයාලා කීයටවත් හිතපුනැති දෙයක්
මොකාක්..මේ මේ අර...අර වලිකුකුල් පැටියා නේද..අහ් අර පාත්ත පැටියත් ඉන්නෙ
එයාලට එහා අපාර්ට්මන්ට් එකේ garden එකේ වතුර ගහගන්න vmin ඩබල දැක්ක ජන්ග්කුක් යුන්ගිට එහෙම කිව්වත් යුන්ගි නම් තාම shock වෙලා බලන් ඉන්නවා..
මොකද එතන හිටිය ජන්ග්කුක් පාත්ත පැටියා කියල කියපු කෙනා යුන්ගිගෙ එකම ආදරේ උනා..ඒත් ඒක යුන්ගි කාටවත්ම කියල නෑ..අඩුම ජන්ග්කුක්ටවත්...
හිතන්නකො ඉතින් ඔයා කැමැත්තෙන් ඉන්න කෙනා ඔයාලගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර හිටියොත් මොනා වෙයිද..
මට වගේ එහෙම උනා නම් අපෙ අම්මා මට බනින ඒවායි මගේ ටකරන් වොයිස් එකයි ඇහිලම උට මාව එපා වෙනවා...🙂
ඇත්තටම යුන්ගි හිටියේ ඒ හුරතල් කමට හුඟක් පිස්සු වැටිලා..
ඒදෙන්නා වතුර ගහ ගහ සෙල්ලම් කරන එක යුන්ගිට දවසම උනත් බලන් ඉන්න පුලුවන් ලස්සන දර්ශනයක් උනා..