14 ♡

3.1K 483 533
                                    

' චූටි බබාආආ........ දැන් නිදාගත්තා ඇති නැගිටින්න...... '

' මං මේ පිටි කුක්කුත් හැදුවා .... බබා නැගිටින්න...... '

මොකාද යකෝ ඒ හොස්ටල් එක අස්සෙ බෙරිහන් දෙන ගෑනි !! මේක අස්සට කවද ඉඳලද ගෑනු එන්න ගත්තෙ..!
නිදාගන්නත් නෑ කරච්චලේ !!...
බම්බුව !! මං කොට්ටෙන් කන්දෙකත් වහගෙන පුකත් උඩදාලා අනිත් පැත්තට හැරුනා...

' මා... සා....ආආආ..... නැගිටින්න්න චූටි මහත්තයාආආ.... දැන් රෑ හතටත් කිට්ටුයි ..... '

අනේප් ......
හෑ... අපෙ අම්මි මොකද මේ හොස්ටල් එක අස්සෙ කරන්නෙ...අනේ පක !! හීනයක්ද කොහෙ...
නැගිටලා කෝල් එකක් ගන්ඩෝනෙ...

( ආයෙම පුක් ගැට්ට උඩදාන් නිදි )

' පින්කීඊඊඊඊඊ..... '

' ඈ..........'
යකෝ අපෙ ගොං බඩ්ඩගෙ ගිරි අඳෝනාවත් අහෙනවා නේද...
ඒකි මොකද මෙහෙ කරන්නෙ...

' අනේ මල්ලිව ඇහැරවගෙන එන්න දෝණි.... පව් මයෙ කොල්ලා දවල්ට කාපු පාර තවම !!   ... '

' අනේ ඌ තඩි බත් තලියක් ගිල්ලෙ...ඒකට කොහෙ බඩගිනි වෙන්නද '

' උඹ පැහෙන් නැතුව ඇවිත් ...මේ තේ එක බීලා මට පොල් ගෙඩියක් ගාලා දිපන් ...'
' උදේ ඉඳන් ඔබනවා ඔබනවා ඉවරයක් නෑ..!! වෙලාවක ඕක අල්ලලා ලිපට දානවා මං ... !! '

' චූ....ටි මහත්තයාආආආ..... !!!! '

" ඇයි ඇයි අනේ....."
මං හීනෙන් වගේ ඇයි ඇහුවා...අපෙ සුන්දරී අරකිට දාගෙන බයිනවා...මට හීනෙනුත් හිනා...!!

' අඤේ මගෙ සං කොල්ලා ... !!
නිදාගෙන ඉන්න හැටි බලහල්ලකො මේකා....හපලා විසි කරන්න තියෙන්නෙ අර කන්ද පල්ලැහැට !! '
හෑ .... ඒ අස්සෙ අපෙ අම්මිගෙ වොයිස් එක මගෙ කන ළඟ ඇහෙන්නෙ මොකද... ඒයි මගෙ කම්මුල ඉම්බෙ කව්ද...!!?
වල පකයා !! හිටපිය ඕකට මම !!!

මම හීනෙන්ම කෙඳිරියක් එක්ක අතින් කම්මුල පිස්සා..ලාවට ඇස් ඇරෙද්දියි දැක්කෙ...
ඔව් නෙ!! මං අද ගෙදර ආවනෙ...
මං ඒත් බැලුවා මගෙ කම්මුලට දුන්න උම්මා එකෙන් අපෙ අම්මිගෙ සූඳ ආවෙ මොකද කියලා...

' දැන් මං පස්ස පැත්තට ගුටියක් දෙන්න කලින් නැගිටින්නයි කිව්වෙ !! '
අම්මි කෑ ගහගෙන මගෙ පුකට හීනියට තට්ටුවක් දාලා මං පොරවන් හිටපු ශීට් එක ඇදලා ගත්තා...

ඉ+ලව්Where stories live. Discover now