41 ♡

2.1K 372 807
                                    

තනියම කාමරේට වෙලා කරන්න වැඩක් නැතිම තැන මං හිටියෙ සිරියත් එක්ක දඩ කයියක..නෑ නෑ යකෝ තොපි හිතන අලුගුත්තේරු වැඩෙ නෙමෙයි..මං ඌගෙ කොන්ඩෙ කැපුව බංග්.. යන්තමට වැවුනු කේස කලාපෙ කපලා බූ ගෑවා...දැන් ඔය ඉන්නෙ තට්ටෙ ගාපු සීලරතන වගේ ලස්සනට...

ඌ ඉන්න විදිය දැක්කම දුකේ බෑ..මං ඉතින් ඌව පොඩ්ඩක් හුරතල් කලා..මං නැතුව කෞරු කරන්නද කියහන් මෙව්ව..හෙට අනිද්දා ස්කෝලෙ ගියාම හොඳ නරක ආස්‍රේ ගැන කියලා දෙන්නත් එපැයි..කියන්න බෑනෙ මුගෙ තියෙන දැඟලිල්ලට මොන කෙලියක් කරගයිද කියන්න..එහෙමට මිනිහා..අප්ප වගේ නැතෑ පුතත්..ඒ නිසා මං ඉතින් උට සිරිත් මල්දමේ කවියක් දෙකක් කියලා දුන්නා..ඒකලා සුගතෙය වගේ ලස්සනට හැදියන් කියලා උපදේසෙකුත් දුන්නා..ඌත් ඉතින් ඔලුව වනලා හා කිව්වා..

කෝමාරි ඊට පස්සෙ ඩිෆ් දෙසීයක් ගහලා , කාඩියෝ ටිකක් කලා..ඊට පස්සෙ ඉතින් අපෙ එකීව ටිකක් අවුස්සගන්න හිතලා ඒකිව හොයාගෙන මමත් කාමරෙන් ඉගිල්ලුනා..
මං යද්දි සාලෙ සැටියට වෙලා අපෙ එලදෙන අදත් ස්කින් කෙයා රූටින් එක පටන් අරන්..මං ඉතින් ගිහින් අරකිගෙ අස්සෙම ගිහින් පුක තියලා ඉඳගත්තා.
ඔන්න දැන් ඕකි කෑ ගහයි.

' අහකට පලයන් මල්ලි ...මෙතන්ටම රිංගන්න එන්නෙ...'

" ආයෙව්..යකෝ ගහන්නෙ..? අහිංසක සමනලයින්ගෙ පිට මැද්දට තඩිබාලා ඔයා මොනවද මේ බලාපොරොත්තු වෙන්නෙ දෝනෙ! "

' කොහෙද යකෝ උඹ අහිංසක ...
බලපන් ඔය කපුටු කූඩෙ දාඩිය දාලා තියෙන දාඩිය ගඳ .. එන්නෙපා අස්සෙ රිංගන්න..පලයන්න ..ඊය යකෝ උඹ ලඟ ගස් ගඳකුත් එනවා.. ! '

" ඒ සිරාවට ගඳද ?...යකෝ පච කියන්නෙපා "
මං අරකි කියනවට ඇඳන් ඉන්න ටීශර්ට් එකේ කර නහය උස්සලගෙන ඉඹලා බැලුවා..නෑ යකෝ මේකිගෙ අලි පච..

' උඹෙ ගඳ උඹට එන් නෑ හරකො.ඊයා ...එහට්ට පලයන් ගස් බල්ලා .'

" බෑ ඇයෙ..මං යන් නෑ..පුලුවන් දෙයක් කරපන් "
මං කැරි හිනාවක් දාගෙන අරකිගෙ කරෙන් අතකුත් දාගෙන ඒකිව ඉඹින්න යද්දි දඟලලා කරලා ගේම දෙක වෙන්න අපෙ හුත්ති බෙරිහන් දුන්නා..

' දැන් උඹට මේ බෝල් එකෙන්ම ගහන්න කලින් එහට්ට වෙයන් මල්ලි !!!!!! ..'

ඉ+ලව්Where stories live. Discover now