18 ♡

2.8K 450 234
                                    


අන්නාරි ගහපං මචං...ඕකව බාවලා චකබ්ලාස්ට් කරහන්...අන්නාරි...අන්නාරි...
ගැම්මක් තෝරා...මගේකා..අහෙම්...ආහ්..හරේ...තලහන් ..අරේහ්...ගැම්මක්..

' මල්ලීඊඊඊඊ...'

හරේහ්..ගහප්..හරේ..අන්නාරෙ..තා ටිකයි...

' ඒ මල්ලීඊඊඊඊඊඊ...'

" ඇයේඒඒ..."

' වැඩකද ඔයා....'
' පොඩ්ඩක් එනවකෝ...'

ගේ දෙක වෙන්න සද්දෙ දාගෙන තෝර් බල බලා මං මෙච්චර මේ බෙරිහන් දෙනවා...
ඒ අස්සෙත් වැඩකද අහන්නෙ මේ එලදෙනට කන් ඇහෙන්නෙත් නැද්ද !!

" බෑ ..මං වැඩක ..ඇයේ? ".

' අනේ තප්පරයයි...ඉක්මනට එනවකෝ...'

" බෑ බෑ..මං වැඩක්.."

' ඔයා සුදු පාටයිනෙ.. අනේ එන්නකො මගෙ හොඳ මාසි නෙ..'

ආ.......මේ ගොං බඩ්ඩ විසාල කරදරයක් උනානෙ....චික්..
මොකට මේකි ඉපදුනාද මන්දා..නිවාඩු ඉවර වෙන්නෙ කවද්ද දන්න්නෑ...

" ඇයි වදේ..! "
පොලොවෙ අඩි හප්ප හප්ප කර්ට්න් එකත් උඩින් යන විදියට ගසාගෙන ඒකිගෙ කාමරේට කෑ ගහගෙන රිංගුවා විතරයි...ආච්චිටක්කඩු යන්න !! ආආආආආ.........

" යකෝ ... බයකරන්නෙපා තිරිසනී..."
තව ඩිංගෙන් මේ බඩ්ඩ මූනෙ උලන් ඉන්න කලු පාට නිසා මට නූල් බඳින්නත් වෙනවා..ඒ මදිවට මල මෝහිනී වගේ කොන්ඩෙත් කඩා දමාගෙන..අත් දෙකේ උල් නියපොතු වල රතු පාට උලාගෙන...
මේ බොම්බිලි කෑදැත්තිට මක් වෙලාද මේ !!

' අනේ මල්ලි... මගෙ කොන්ඩ කට්ට කැඩිලා කොන්ඩෙ ලෙහුනා..අඩේ මේක ගොතනවකො...මට අල්ලන්න බෑ මේ කියුටෙක්ස් ගාන ගමන් ඉන්නෙ...'

ගොං බඩ්ඩ අත් දෙකේ නියපොතු ටිකත් දික් කරගෙන කියද්දි මං ඉතින් කටත් පුක කරගෙන ඒකි ලඟට ගිහින් ඒකිගෙ පැන්ඩො පැන්ඩො ඉන්න පුලුන් වගේ බූල් බෑන්ඩ් එකක් අරන් කොන්ඩෙ බෝලයක් වෙන්න ඒකිගෙ බෙල්ල ලඟ ගැට ගැහුවා...

' ඒයි හරියට දානවා ඒක...'

" හරියට තමා දැම්මෙ.. "

' ලූස් මට...ආයෙම ගැලවුනොත්..'
' අන්න අර මාලු කට්ටත් අරන් ගහනවා..නැත්තන් ඕක ආයෙ ලිහෙයි..'

ඉ+ලව්Where stories live. Discover now