25 ♡

3.5K 441 669
                                    

" ආ ලාභයි ලාබයෙ ලාබයේ........අරගන්න මේං අරගන්න....ලාබයෙ ලාබයෙ ලාබයෙ...."

" පුත්තලමෙන් දැන් බාපු පුත්තලම් බූරු දෙනක් !!! 
එන්නායියේ ....එන්නාක්ක්කේඑ....
ආ අරගන්න..හැමදාම නෑ හැමතැනම නෑ....ලාබයෙ ලාබයෙ ලාබයෙ...."

තල් කොල පත්තක් උඩ ඉන්දවගත්තු අපෙ බැජියෙ එකියක්ව කැම්පස් එකේ පාර මැද්දෑවෙ ඇදගෙන යන ගමන් කෑ ගහන ගමන් මං මේ කැම්පස් එක වටේම ඇවිදිනවා මචං..

හප්පෝ මේකි බතල කොටයක් වගේ බං ..ඒ උනාට  හෙන බෝලගෙඩි මූනක් තියෙන්නෙ. අර චබ්බියො ඉන්නෙ..ආං ඒ වගේ...මොනා උනත් මේ ගස් ලබ්බිව කොලපතෙන් අදින එක තමා අමාරු අයිසෙ...මහන්සිත් එක්ක..

මුං මොනාද මන්දා අලි වෙන්න මෙච්චර ගිලින්නෙ..අපොඉ ටිකක් රොමෑන්ටික් වෙලා මුන්ව උස්සගන්න වත් පුලාම්ද කියහං මං අහන්නෙ...කැහැටු පඪරැල් කොල්ලෙක් වත් මේකිට පංගනාතු උනොත් ඒ පකයා හනිමූන් එකේදිම මේකිට යටවෙලා හුස්ම හිරවෙලා මැරිලා යයි...ආඩවනේ මුරුගා කිව්වලු !!

මොනා උනත් බතලෙ වගේ හිටියට ගතියකුත් තියේ හැබැයි..
මං ඉතින් කොල පත්තෙන් අදින ගමන් නිකමට ඒකි දිහා හැරිලා බලනකොට මේකි යකෝ ඉන්නවා හොඳට බරි ගැහිලා ඉඳගෙන.!
ආ ගස් හිවලිට හෙනාතල් ඇති ඇයි ඒකිට තියෙන්නෙ ඉඳගෙන ඉන්නනෙ..මං එපැයි පකයා වගේ අදින්න...!!..

නෙද්දකින් මේකි ඉඳන් ඉන්න කැත...මුන්ට අම්මපා ගවුම් අඳින්න කිව්ව උන්ට හමන්නන්න ඕනෙ...බලහන් හෙලුවැල්ලෙන් මේකි ඉඳන් ඉන්නෙ..මං හිතන්නෙ ඒකිට ගව්මත් එක්ක එහෙම ඉඳන් ඉන්න අමාරු ඇති..

මං ඉතින් ඒකිට මගෙ ඔලුවෙන් ඒකිගෙ කකුල් ලං කරගන්න කියලා සන් කරන ගමන් ආයෙම හැරුනා.මොනා උනත් කෙල්ලෙක්නෙ මචං..හරි නෑනෙ..ඒකිත් ඉක්මනින් කකුල් දෙක ළං කරගත්තා මං දැක්කා...පව් පව් අඩේ ...

මං ඉතින් ආයෙම කෑ ගැහුවා..

" පුත්තලං බූරු දෙනක්...ආ ලාබයෙ ලාබයෙ...එන්නායියේ...ආ ගන්නගන්න...කතා කරන බුරුවෙක්..අඩු කරලා දෙන්වා ගන්නායියේ.."

ඕ ඕ බං රැග් රැග්...උඹලා හිතුවද මේකිව බලෙන් මේකෙ ඉන්දවගෙන පාර පුරා කෑ ගගහා යන්න මට ඔඩ්ඩි කියලා.!

ඉ+ලව්Where stories live. Discover now