38 ♡

2.9K 402 1.1K
                                    

සෙරෙප්පු දෙකත් පතාස් ගාලා ඉශානයා ඉස්සරහටම විසි කරපු ගරුකයත් බුදු අම්මෝහ් හති.. සීන් එකෙන් ඇවිත් අරූගෙ අස්සෙම ඉඳගෙන , මාර ගහට හේත්තුවක් දැම්මා...
ආ..නෛස්...දැන් ඉතින් දෙන්නම ගහේ කොල ගනන් කර කර ඉදපල්ලා ....අපිටත් බැරියැ ගහෙන් වැටෙන කොලයක් දෙකක් කකා රෑ එලිවෙනකල් උනත් තොපෙ දිහා බලන් ඉන්න..

යකෝ ඔය වල් ගොල්ලෙ නයි කූඹිත් ඇති...ඊටපස්සෙ උන් ගිහින් තොපෙ වලුවල කෑවම අපි එපැයි ඒවගෙ තෙල් ගාන්න..! .......නේතැ..ර්..
මෙව්වට බෑ කියන බැකියො පරපුරක් මම ලෝකෙට බිහි කරලා නෑ.... ....මම ආඩම්බරෙන් යුතුව ඒ සම්බන්ධව අවධාරණය කර සිටින්නේ...බැකියො කියන්නෙ එහෙව් අභියෝග වලට බයේ පැනලා දුවන ජාතියක් නෙමෙයි..!!!

සිරිසෝමෙට නම් දැන් ඔය තාඩන පීඩන හොඳට හුරුයි..ඇයි ඉතින් උගෙ මහ එකා ගිහින් ඌව තව එබුවෙ නැත්තෙ උතුරන තෙල් කටාරමක විතරෛනෙ..ඌ කෝමත් පන හතක් තිබ්බත් නොමැරෙන එකෙක්..

ඒ වුනාට සුගතෙය ඒම නෑ නොවැ..අපොයි ගරුකයා ඕකට හප් කිව්වත් ඇති...අනේ මයෙ උංගල සුට්ටුව..ඕකා තවම ගරුකගෙ අතේ හුරතලේට හුරුවෙච්ච හුරතලා..
අනේ මන්දා සිරියා එක්ක නම් කොහොම ජීවිතයක් ගෙවන්න වෙයිද කියලා තමෛ බය..

කොහොම හරි ඉතින් ඩීජේ එක අරෙහෙ ගැම්මටම යනවා...යකෝ කන පැලෙන්න තරම් ඒකෙ සද්දෙ පලාතම දෙදරනවා..ඒ අස්සෙ ඉශානයා  , සුගතෙයා මැරිච්ච සිරිසෝමෙයා වගේ මැයි ගහ දිහා බලාගෙන ගහට හේත්තු වෙලා දාර හුස්මත් හෙලනවා..ගරුක අඩු ගානෙ ඉශාන් දිහා හැරුනෙවත් , උගෙන් මුකුත් ඇහුවෙ වත් ..මොන මඟුලක් වත් නෑ..ඌත් අර මොකාද එකා වගේ අහස දිහා බලාගෙන ඔහේ ඉන්නවා..

රාම්ත්‍රිය වී.....නිහඬව නිම්සලව ඉම්නම්......බියද දැනේ..දුම්කද දැනේ...අහිමි වුනේර් ඇයෙ ? හිමි සම්ඳුනේ......
යකෝ පසුබිම් ගායනය කරන්න දීපම්...
..
.
.

ටික වෙලාවකට පස්සෙ ගරුකයා යකෙක්ට බය උනු ගානට එකපාරම ගැස්සුනා....ඌ උගේ ජීවිත කාලෙටම ඌ හිතුවෙ වත් නැති දෙයක් නේද මේ වෙලා තියෙන්නෙ...!!..යකෝව් පුදුම වෙච්ච පාරට ගරුකයා එකපාරම ඇස් දෙකත් පත සයිස් කරගෙන හැරිලා බැලුවෙ ඉශානයා දිහා...

ඉ+ලව්Where stories live. Discover now