06 කොටස

775 157 14
                                    

" පරිස්සම් වෙන්න තියෝ...."

"මහා සංහාරයක් සිද්ධ වෙන්නයි යන්නෙ "

════════════════════════════

𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒

හයවන කොටස

"තියෝ..."

"තියෝ.... කෝ මේ කම්මැලි කොලුවා...."

ඇල්ඩෝර්වලට තවත් එක දවසක් උදා වෙලා තිබ්බා. රත්තරන් පාටට හුරු ඉර එලිය තණ පිට්ටනිවල පිපිලා තිබ්බ ඩේසි මල්වලට වැටිලා දිලිසුනා. උදේ පාන්දරින්ම වැටෙන පිණි බිංදු තණකොලවල රැඳිලා තිබිලා සමනල්ලුන්ගෙ පියාපත් තෙමුවා. හැම දෙයක්ම නිස්කලංක වුණත් තියඩෝර්ගෙ ගොවිපොලේ නම් එහෙම උනේ නෑ...

කූඩුවලින් එලියට දාපු කිකිළියන් ගෙ බාබා ගාන සද්දෙට, තණ පිට්ටනියේ තණකොළ උලා කන එලදෙනුන්ගෙ සද්දෙට වෙනදා වගේම තවත් සද්දයක් එකතු වෙලා තිබ්බා. වයසක තියඩෝර් ගේ බිරිඳ වුණු සොෆියා සොල්දරේට නගින ඉණිමඟ ගාවට වෙලා එයාගෙ කරදරකාර මුණුපුරාට කෑ ගැහුවේ පරක්කු වෙලා නිසා... ඇයි ඉතින් උඩට නැගලා ඇහැරවන්නද... තියෝ නිසා මේ මනුස්සයගෙ හන්දිපත් රුදාවත් වැඩි වෙනවා.

"තියෝ..."

"නැගිටපන් කම්මැලි නොසන්ඩාල කොල්ලා..."

මෙහෙමයි... සොෆියා තියෝට කෑ ගහන්න තිබ්බ එකම හේතුව එයා පරක්කු වුණු එකම නෙවෙයි... සොෆියා ඊයේ දුම් වැදෙන්න දුමට දාලා තිබ්බ ලොකු පාත්ත මස් කුට්ටිය අතුරුදහන් වෙලා තිබ්බා. ඔහේ නිදාගෙන ඉන්න කළු පූසා වෙච්ච මෙඩූසාට ඕක දවසක් කෑවත් ඉවර කරන්නත් බැරි නිසා සොෆියගෙ සැකේ ආවේ ඔය වගේ වැඩක් කරන්න මෙහේ ඉන්න එකම කෙනා දිහාවට...

ඒකටත් ඉතින් එක එක හේතු තියෙනවා. ඒක උනේ මීට කාලෙකට කලින්. තියඩෝර් පවුල ජීවත් වුණේ ඇල්ඩෝර්වලට ටිකක් ඈතින් අඳුරු වනාන්තරය පේන මානේ තිබුණ ගොවිපොළක... එයාලගේ ගෙදරට පිටිපස්සෙන් ලොකු ඇල පාරක් ගලාගෙන ගියා. දවසක් සොෆියා ගෙනත් තිබුණු මාළු වගයක් තියෝ වතුරට දාලා පීනන්නෙ නැති තැන ඒ භාජනේ ඉඩ මදි කියලා හිතලා තියෝ එයාලව ගෙනත් දැම්මේ මේ ඇලට... ඒ විතරක් නෙවෙයි මැරුණු පාත්තයෙක්වත් බිත්තර දාන්න කියලා තියෝ කිකිලා කූඩුවකින් තියලත් තිබ්බෙ තියෝ උතුමාණන් තමා... මේ වගේ සිද්ධි නිසාම මොනවහරි නැති වෙනකොට ඒ සේරටම සොෆියා සැක කලේ තියෝව..

𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now