24 කොටස

575 116 3
                                    

ඒ දෙවි කෙනෙක්ටම විතරක් අඩපණ කරන්න පුලුවන් මායාවක්...

════════════════════════════

𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒

විසි හතරවන කොටස

"තියෝ..."

නිහඬ ශාලාව පුරා ඒ කටහඬ දෝංකාර දුන්නා. තියෝ ඇස් උස්සලා බලන්න උත්සාහ කලත් එයා එයාටවත් දරාගන්න බැරි තරම් දුර්වල වෙලා හිටියා. ටිකෙන් ටික රුධිර මායාවෙන් පණ ලැබෙන අමුතුම සේනාව එයාව දුර්වල කරලා දාලා. ඒක නවත්තලා දාන්න බැරි තරමටම...

දීප්තිමත් එලියක් ශාලාව හරහා ගියේ ක්ෂණයකින්. තියෝගෙ රුධිරයෙන් පණ ලබන වැල් ඒ එලියත් එක්ක නිසංසල උනා. ඒවගෙන් බිහිවුණූ සේනාව එකිනෙකට බැඳිලා තිබ්බ වැල් මැකිලා යද්දි පණ තියෙන මිනිස්සු වගේ සේනාව එතන හිටිය ඉපැරණි රුධිරය දරන ඔලිම්පියානුවන්ගේ දහ තුන්වැනියා ඉදිරියේ දණ නැවුවා. ඒ අතර මැදින් ඇවිදගෙන ආව කේරන් නැවතුනේ තියෝ ගාවින්... එක වතාවක් කේරන්ගෙ ඇඟිලි තියෝගෙ කැපිලා තිබුණු මැණික් කටුව දිගේ යනකොට එතන තුවාලයක් තිබ්බද කියලවත් හොයාගන්න බැරි තරමට සුව වුණා. කේරන් සිංහාසනය උඩ වැතිරිලා ඉන්න තියෝගෙ මූණට පහත් වුණේ ඇස්වල පිරුණු කඳුළු එක්ක. කේරන්ගෙ තොල් තියෝගෙ තොල් වලට තද වෙන්න නූලක තරම් දුරකින් නැවතුනා. කේරන්ගෙ තොල් අතරින් පිට වුණු ප්‍රාණ වායුව තියෝගෙ තොල් අතරින් ඇඟ ඇතුලට යද්දි කේරන්ගෙ ඇස් වලින් වැටුණු කඳුලක් තියෝගෙ කම්මුල් දිගේ පහලට ගලාගෙන ගියා...

කේරන් තියෝව එයාගෙ අත් අතරට අරගෙන සිංහාසනය ගාවින් නැගිට්ටා. එයාට එයාලගේ ආදරය විතරක් පිරුණූ කුටියෙ තියෝ එක්ක තනි වෙන්න ඕන වුණත් මේ ඒකට වෙලාව නෙවෙයි. කේරන් වගේම තියෝත් ඉන්න ඕන මේ වේලාවේ යුධ පිටියේ... කේරන් කරපු සංඥාවත් එක්ක තියෝගෙ සේනාව එතනින් නැතිවෙලා යද්දි කේරන් තියෝවත් අරගෙන එතනින් පිට වුණා...









ඇරල්ඩීන්

එල්රොඩ් සේනාව මුළු ඇරල්ඩීනයම වටලලා තිබ්බා. ඉකාරස්, ඉඩ්රිස් වගේම ඇලෝරත් බලාගෙන හිටියේ කේරන් එනකම්... සටන... ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ... එල්රොඩ් සේනාව, කේරන්ගෙ සේනාව විතරක් නෙවෙයි ඇරල්ඩීන් සේනාවත් දැන් අයිති ඔවුන්ට... ආර්සන්ගෙ පාලනය ගැන කලකිරිලා හිටිය ඇරල්ඩීන් සේනාවෙ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් සේරම එල්රොඩ් සේනාවට පක්ෂපාතී වෙලා තිබ්බා. සාමාන්‍ය මිනිස්සු පවා එහෙමයි. හැම කෙනෙක්ම ආර්සන්ගෙ පාලනයෙන් පීඩාවට පත් වෙලයි හිටියේ... ඔවුන් හැම කෙනෙක්ම එල්රොඩ්වලට පක්ෂපාතී වුණා. ඒත් තවමත් ආර්සන්ට ඒ ගැන කිසිම අදහසක් තිබ්බෙ නෑ...

𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now