10 කොටස

748 144 14
                                    

"කේරන්...."

════════════════════════════

𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒

දසවන කොටස


තවමත් එලි වෙන්න හිතලවත් නෑ වගේ. තරමක තද සීතලක් හැම තැනම පැතිරිලා තිබුණා. වවුලන්ගේ සද්දෙට එකතු වෙලා ඇහෙන රැහැයියන්ගෙ, බකමූණන්ගෙ සද්දෙ අමුතුම සංගීතයක් මවලා තිබ්බත් ග්‍රිසෙල්ඩා හිටියෙ ඒවට සවන්දෙන්න තරම් හොඳ තත්වයක නෙවෙයි. කවදාවත් නැති තරම් එයා  කලබල වෙලා. ඒක ගෙවුනු දවස් ගානෙම එහෙමයි. තියෝ... ග්‍රිසෙල්ඩා තියෝ ගැන නොසෑහෙන්න බය වුණා. එදා දැකපු අනාගත දසුන තියෝ ආර්සන් ඉස්සරහ දණ නවාගෙන ඉන්නවා මතක් වෙන සැරයක් ගානේ ග්‍රිසෙල්ඩා බයෙන් වෙව්ලුවා. මොන හේතුවකටද මන්දා එයාට ඊට වඩා දෙයක් දකින්නත් බෑ.. ඉස්සර කොයි තරම් බලවත් වුණත් දැන් මනුස්සයෙක් විදියට එයාගේ බලයත් සීමා සහිතයි. කලකිරීම පිරුණු හුස්මක් පිට කරන ගමන් ම දහ වෙනි වතාවටත් වැරදුනු සංයෝගය විසි කරලා දාපු එයා ආයෙම කල්දේරම ලිපේ තිබ්බා.

ලිපෙන් පිට වෙන එලිය ඇරෙන්න මන්තර පොත තියෙන තැන තිබ්බ ඉටිපන්දමෙන් විතරක් එලිය වුණු නිසා ගේ පුරා තිබ්බෙ අඳුරක්. වෙනදට වඩා හෙවණැලි හැම තැනකම පැතිරිලා තියෙද්දී ග්‍රිසෙල්ඩට දැනුනේ හුස්ම ගන්නත් අමාරු ගතියක් දැනුනත් ඒකෙ පුදුමයකුත් නෑ... මොකද ඒ හෙවණැලිවල හැංගිලා ඉන්න කෙනා ග්‍රිසෙල්ඩාට පේන්නත් බෑ...










"ඕකට මැන්ඩ්‍රේක් මුලක් දැම්මොත් නරකද..."

එක කෙලවරකින් ආව කටහඬක් ග්‍රිසෙල්ඩා අඳුරගත්තා. ඒත් ඒ දිහා එයා හැරිලවත් බැලුවේ නෑ. එයා අමුත්තව නොසලකා හැරලා දිගටම කල්දේරම හැඳි ගාන්න වුණා. මැන්ඩ්‍රේක්... ග්‍රිසෙල්ඩා ට අමතක වෙලා තිබ්බෙ ඒක... රතු පාට රෙද්දකින් ඔතලා තිබ්බ මැන්ඩ්‍රේක් මුල කල්දේරමට වැටෙද්දි ඇහුණේ ඇඟ කිලිපොලා යන විලාප හඬක්... ඒක දරාගන්න ග්‍රිසෙල්ඩා ඇස් තද කරලා වහගන්න අතරෙදි අමුත්තා නැඟිටලා එයා ගාවට ආවා... කිණිස්සකින් කරපු කැපුමකින් අමුත්තගෙ අතකින් වැටුණු ලේ බිංදුවක් වැටෙද්දී තද රතු පාට ද්‍රාවණය තද කළු පාටට හැරුණේ ග්‍රිසෙල්ඩා පුදුමෙන් බලාගෙන ඉන්නකොට...

𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now