21 කොටස

647 130 8
                                    

මොකද ඒ රාත්‍රිය අනිත් හැම දවසකටම වඩා ගොඩක් දිගයි කියලා එයා දැනගෙන හිටියා.

════════════════════════════

𝐏𝐫𝐢𝐧𝐜𝐞 𝐨𝐟 𝐃𝐀𝐑𝐊𝐍𝐄𝐒𝐒


විසි එක්වන කොටස



ම්ම්හ්හ්...

දීර්ඝ රැයකට පස්සේ තියෝ ඇස් ඇරියා. තැනින් තැන දැල්වෙන සුවඳ කවපු ඉටි පන්දම් එලියෙන් එයා ඉන්නේ කේරන්ගෙ ඇඳේ කියලා තියෝට තේරුණා. ඇඳෙන් නැගිටින්න උත්සාහ කලත් තියෝගෙ ඇඟේ ඉණෙන් පහල කොටස පුදුමාකාර විදියට වේදනා දුන්නා. ඒකත් එක්ක දැනෙන කේන්තියටම තියෝ කෑ ගැහුවේ අඳුරු වනාන්තරය දෙදරන්න තරම් සද්දෙන්...

"මෝඩ සැමියා.... "

තියෝ කෑ ගහනකොටම කේරන් දොර ඇරගෙන ඇතුලට ආවා. වෙනදා වගේම කළු පාටට ඇඳගෙන හිටිය එයාගෙන් පෙනුනේ අහමුතු තේජසක් උනත් ඒක මොකක්ද කරන්න වගේ කේරන්ගෙ කම්මුලේ තද රතු පාටින් තියෝගෙ දත් ටිකේ අච්චුවක් හිටලා තිබ්බා. ඒක දකිද්දී නම් තියෝගෙ හිතට පොඩි ආඩම්බරයක් දැනුනත් කේන්තිය ඊට වඩා වැඩි නිසාම තියෝ අතට අහු වුණු කොට්ටෙකින් කේරන්ට දමලා ගැහුවා. කේරන් තියෝ ගාවට තියන අඩියක් ගානේම අහු වෙන අහු වෙන එකෙන් තියෝ දමලා ගැහුවා. අවසානෙට කේරන් තියෝ ගාවට එනකොට තියෝගෙ අතට අහු වෙන සීමාවේ මොනවත් තිබ්බේ නෑ.

"මගේ රැජින..."

තියෝ ගාවට ආව කේරන් තියෝව උණුසුම් හාදුවලින් නෑව්වා. මෙච්චර වෙලා කේන්තියෙන් හිටිය තියෝගෙ කේන්තිය කොහෙද කියලා නැති වෙද්දි දැනෙන ලැජ්ජාවටම තියෝ රතු පාට වෙලා හිටියා. සමහර වෙලාවට ලූනා කරනවා වගේ තියෝත් කේරන්ගෙ බෙල්ලට මූණ තියාගෙන ඇතිල්ලෙන්න ගන්නකොට කේරන් හිනා වෙවීම තියෝව වඩා ගත්තා. තියෝව හරහට වඩාගෙන කේරන් ඒ කාමරේ පැත්තක තිබුණ දොරක් දිහාවට ඇවිදගෙන යනකොට ඒ දොර ඉබේටම ඇරුණා.

එතන තිබ්බේ ජල තටාකයක්. තැනින් තැන මතුවෙන වායු බුබුළු නිසා ඒක උල්පත් ජලය පිරෙන තටාකයක් කියලා තියෝට තේරුණා. තද රතු පාට රෝස මල් පෙති වතුරේ පා වෙනකොට කේරන් තියෝ ඇඳගෙන හිටිය ඇඳුම් ඉවත් කරා. එයා ඇඳගෙන හිටිය ඇඳුමුත් ගලවලා දාපු කේරන් තියෝවත් වඩාගෙනම තටාකයට බැස්සා. කොහෙන්ද කියලා නොදන්න සංගීතයක් එක්ක උණුසුම් වතුරෙන් දැනෙන සනීපය තියෝට එයාගෙ වේදනා දෙන ඇඟ ගැනත් අමතක කරලා දාද්දි තියෝ කේරන්ගෙ ඇඟ උඩ හාන්සි වේලා එයාගෙ අත් කේරන්ගෙ අත් එක්ක පටලවා ගත්තා.

𝗣𝗿𝗶𝗻𝗰𝗲 𝗼𝗳 𝗗𝗔𝗥𝗞𝗡𝗘𝗦𝗦 | YZ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now